Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ඕස්ට්‍රේලියානුවෝ ශ්‍රී ලංකාව පරාජය කරති
Events

ඕස්ට්‍රේලියානුවෝ ශ්‍රී ලංකාව පරාජය කරති

Stanly KularathnaBy Stanly KularathnaOctober 17, 2023No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට තෙවැනි පරාජයත් උරුම කරදුන් ඕස්ට්‍රේලියාව, ලක්නව් නුවර ඒකානා ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති තරගයෙන් කඩුළු 5 ක පහසු ජයක් ලැබීය. ජයග්‍රහණය සඳහා ලකුණු 210 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානුවෝ ඕවර 35.2 ක් අවසානයේ කඩුළු 5 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ.

ග්ලේන් මැක්ස්වෙල් පන්ඳු 21 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 31 ක්ද, මාකස් ස්ටොයිනිස් පන්ඳු 10 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 20 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. දක්ෂ පන්ඳු යැවීමක නිරත වූ ඩිල්ෂාන් මධුෂංක නිලකුණු ඕවර 2 ක් සමග ඕවර 9 ක් යවමින් ලකුණු 38 කට කඩුළු 3 ක් දවාගත්තද, සහායට කිසිවකු නොසිටීම හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකාව පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.

ලකුණු 24 කට මුල් පෙළ කඩුළු 2 ක් බිඳ වැටෙද්දී සාර් ථක පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු මිචෙල් මාෂ් පන්ඳු 51 කදී හතරේ පහර 9 ක් සමග ලකුණු 52 ක් රැස්කළේය. කෙසේ වුවත් චාමික කරුණාරත්නගේ පන්ඳු යොමු කිරීමත්, කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල බිඳ දැමීමත් හමුවේ මාෂ් දුවද්දී දැවී යෑමකට හසු වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 80 කට කඩුළු 3 ක් බවට පත් විය.

ඕස්ටේලියානු ඉනිමේ නැංගුරම බවට පත්වූ මානස් ලබුෂේන් පන්ඳු 60 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 40 ක් රැස්කළේය. මාෂ් සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්ඳු 62 කදී ලකුණු 56 ක් එක්කළ ලබුෂේන්, ඉන් නොනැවතී ජොෂ් ඉංග්ලිෂ් (58) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්ඳු 86 කදී ලකුණු 77 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය.

දුනිත් වෙල්ලාලගේගේ පන්ඳුවක් හමුවේ මහිෂ් තීක්ෂණ අතට උඩ පන්ඳුවක් දෙමින් දැවී යන විට පන්ඳු 59 කට මුහුණදී සිටි ඉංග්ලිෂ් හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සිය ඉනිම සරසා තිබිණ. වේග පන්ඳු යවන ක්‍රීඩක ළහිරු කුමාර මෙම තරඟයේදී දැඩි පහර කෑමට ලක්වූ අතර ඔහු යැවූ ඕවර 4 තුළ ලකුණු 47 ක් රැස්කිරීමට ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්ඳුවට පහරදුන් ශ්‍රී ලංකාව, මැද පෙළ පිතිකරුවන්ගේ අසාර් ථකත්වය හමුවේ ඕවර 43.3 ක් අවසානයේ ලකුණු 209 කට සීමා විය. ආරම්භක පිතිකරුවන් දෙදෙනා දැවී යෑමෙන් පසුව ලකුණු 52 ක් තුළ සෙසු කඩුළු 8 ම බිඳහෙළූ ඕස්ට්‍රේලියානු පන්ඳු යවන්නෝ, ශ්‍රී ලංකාවට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබු අවස්ථාව අහිමි කළහ.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්ඳු 130 කදී ලකුණු 125 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගූ පැතුම් නිස්සංක (61) සහ කුසල් පෙරේරා (78) ශ්‍රී ලංකාවට සාර් ථක ආරම්භයක් ලබාදුන්හ. පන්ඳු 67 කට මුහුණදුන් පැතුම් හතරේ පහර 8 කින් සිය 11 වැනි එක්දින අර් ධ ශතකය සැරසූ අතර පන්ඳු 82 කට මුහුණදුන් කුසල් හතරේ පහර 12 සිය 18 වැනි එක්දින අර්ධ ශතකය අලංකාර කළේය.

ඕස්ට්‍රේලියානු පන්ඳු යවන්නන් දිගින් දිගටම ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ගේ පහර කෑමට ලක්වෙද්දී නියම නායකයකු ලෙස පෙරට පැමිණි පැට් කමින්ස්, පැතුම් සහ කුසල් පිටියෙන් ඉවත් කරමින් සිය අනුගාමිකයන්ට තරගයට අවතීර්ණ වීම් සඳහා ඉඩ සලසා දුන්නේය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ඇඩම් සම්පා ලකුණු 47 කට කඩුළු 4 ක් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම සුනු විසුණු කර දැමුවේය.

පිට පිටම යැවූ පන්ඳු දෙකකදී නායක කුසල් මෙන්ඩිස් (9) සහ සදීර සමරවික්‍රම (8) දවාගත් සම්පා, වරෙක ලකුණු 157 කට කඩුළු 2 ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව තවත් පන්ඳු 17 ක් ඇතුළත ලකුණු 186 කට කඩුළු 4 ක් බවට පත් කළේය. ඒ අනුව ඕවර 32.1 ක් අවසානයේ තරගයට වර් ෂාවෙන් බාධා එල්ල වන විට ශ්‍රී ලංකා කණ්ඩායම් ලකුණු 178 ක් ලබා සිටියේය.

වර්ෂාව නිමාවී යළිත් තරගය ආරම්භ කිරීමෙන් අනතුරුව යැවූ දෙවැනි පන්ඳුවේදීම ධනංජය ද සිල්වා (7) දැවී ගියේ පිත්තේ ඇතුළත දාරයේ වැදුණ මිචෙල් ස්ටාක්ගේ පන්ඳුවක් කඩුල්ල මත පතිත වීම හේතුවෙනි. ඉන් අනතුරුව නොතිබූ ලකුණක් සඳහා පැති මාරුකර ගැනීමට යැමේදී පැට් කමින්ස්ගේ දක්ෂ පන්ඳු රැකීම හමුවේ දුනිත් වෙල්ලාලගේ දුවද්දී දැවී යාමකට හසු විය.

දසුන් ශානක වෙනුවෙන් කණ්ඩායමට කැඳවා සිටි චාමික කරුණාරත්න. මෙන්ම මහීෂ් තීක්ෂණද කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් පිටියෙන් ඉවත්ව ගියේ සම්පාගේ තෙවැනි සහ සිවුවැනි ගොදුරු බවට පත් වෙමිනි. සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී පැය එකහමාරකට ආසන්න කාලයක් කඩුල්ල රැකගෙන සිටි චරිත් අසලංක, පන්ඳු 39 කදී හයේ පහරක් සමග ලකුණු 25 ක් රැස්කරමින් ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී ගියේය.

Middle East Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි හි RTA, GITEX 2023 ප්‍රදර්ශනයේදී හඳුන්වා දෙන නව සේවා 5ක්
Next Article අබුඩාබි​යේ ලාංකික ශ්‍රමිකයන්ගෙන් රු. කෝටි 25කට ආසන්නව වංචා කළ සැකකරුට ඇප
Stanly Kularathna

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.