Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Law»අබුඩාබි​යේ ලාංකික ශ්‍රමිකයන්ගෙන් රු. කෝටි 25කට ආසන්නව වංචා කළ සැකකරුට ඇප
Law

අබුඩාබි​යේ ලාංකික ශ්‍රමිකයන්ගෙන් රු. කෝටි 25කට ආසන්නව වංචා කළ සැකකරුට ඇප

Stanly KularathnaBy Stanly KularathnaOctober 17, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මැදපෙරදිග ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන්රුපියල් කෝටි 25කට ආසන්න මුදලක් වංචා කළැයි පවසමින් මූල්‍ය අපරාධ විමර් ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටුවා තිබූ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක හිටපු මෙහෙයුම් කළමනාකාරවරයෙකු දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය නියෝග කළාය.

එසේම ඔහුට රටින් පිටව යෑම සම්බන්ධයෙන් තහනම් නියෝගයක්ද පැන වීමට මහේස්ත්‍රාත්තුමිය කටයුතු කළාය.

වසර 07ක කාලයක් තුළ මැදපෙරදිග ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි ‘ඩෙල්මා එචේන්ජ්’ මුදල් හුවමාරු මධ්‍යස්ථානය හරහා සිය ඥාතීන්ට එවූ මුදල්වල ඉලක්කම් වෙනස් කර ඇති මෙම වංචාවට අදාළ විමර්ශන අවසන් කර ඇති බවට ඉදිරිපත් වූ කරුණු මත සැකකරුට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරිය තීරණය කළාය.

රුපියල් කෝටි 1 1/2 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත සැකකකරු මුදාහැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය, අධිකරණයේ අවසරයකින් තොරව සැකකරුට විදේශගත වීම තහනම් කරමින් ආගමන විගමන පාලකවරයාට නියෝගයක්ද පැනවුවාය.

සැකකරු වෙනුවෙන් ඇප වන පුද්ගලයන්ගේ දේපල සම්බන්ධයෙන් වාර් තාවක් පත්ගුරු සමග ඉදිරිපත් කිරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය, ඇපකරුවන්ගේ දේපල වෙනත් පාර් ශ්වයකට පැවරීම වළක්වමින් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට නියෝගයක්ද නිකුත් කළාය.

මෙලෙස ඇප මත නිදහස් කර ඇත්තේ, අබුඩාබිහි ‘ඩෙල්මා එස්චෙන්ජ්’ මුදල් හුවමාරු මධ්‍යස්ථානයේ හිටපු මෙහෙයුම් කළමනාකාරවරයෙකු බව පැවසෙන හලාවත, ඉලිප්පදෙණිය, මුගංගන්දලුව ප්‍රදේශයේ පදිංචි පොන්වීර ආරච්චිගේ ඉරේෂ වික්‍රමසිංහ නමැත්තෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර් ශනවල ප්‍රගතිය දැක්වෙන වාර් තාවක් ඉදිරිපත් කළ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්‍ෂක නිරෝෂන් මහතා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන් අබුඩාබි මුදල් හුවමාරු මධ්‍යස්ථානයට කළ පැමිණිල්ලකට අනුව මෙම සිද්ධියට අදාළව විමර් ශන ආරම්භ කර ඇති බවත්, එම විමර්ශනවලදී මෙම වංචාව සැකකරු සිදුකර ඇති බවට හෙළිදරව් කර ගන්නා විට ඔහු ලංකාවට පැමිණ සිට ඇති බවත් දැනුම් දුන්නේය.

සැකකරු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි ‘ඩෙල්මා එචේන්ජ් මුදල් හුවමාරු මධ්‍යස්ථානයේ මෙහෙයුම් කළමණාකරු වශයෙන් 2010 සිට 2017 දක්වා වසර 07ක කාලයක් සේවය කර ඇති බවත්, එම කාලය තුළදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි රැකියා කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් ‘ඩෙල්මා එචේන්ජ්’ මුදල් හුවමාරු මධ්‍යස්ථානය හරහා සිය ඥාතීන්ට එවූ මුදල්වල ඉලක්කම් වෙනස් කර දිගින් දිගටම සැකකරු මුදල් වංචා කර ඇතැයි දැනුම්දුන් මූල්‍ය අපරාධ විමර් ශන කොට්ඨාසය, ඩිරාම් 5,813,766ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 243,193,250.08ක් එලෙස වංචා කර ඇතැයිද අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරු එලෙස වංචා කළ මුදල් සිය බිරිඳගේ හා ඥාතීන්ගේ බැංකු ගිණුම් පහකට එවා ඇති

බවත්, එලෙස එවූ මුදලින් හලාවත ප්‍රදේශයේ අක්කර ගණනින් ඉඩම් මිලදී ගෙන ඇතැයි දැනුම්දුන් පොලිස් පරීක්‍ෂක නිරෝෂන් මහතා, අදාළ ඉඩම්වල ඔප්පු පිටපත්ද අධිකරණණයට ඉදිරිපත් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ආරම්භ කළ විමර් ශන අවසන් කර ඇතැයිද නීතිපතිවරයාගේ උපදෙස් මත සැකකරු අත්අඩංගුවට ගත්තේ යැයිද ඔහුට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ

මහාධීකරණයේ නඩු පැවරීමට නීතිපතිවරයා තීරණය කර ඇතැයිද පැවසූ ඒ මහතා, සැකකරු රක්‍ෂිත බන්ධනාගාරගත කරන්නැයි ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ දිදුල රාජපක්‍ෂ මහතා කරුණු දක්වමින් අධිකරණණයේ සිටින තම සේවාදායකයාගේ විදෙස් ගමන් තහනම් කර ඇති හෙයින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප දෙන්නැයි ඉල්ලා සිටියේය.

සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව දැඩි කොන්දේසි යටතේ සැකකරුට ඇප නියම කළ මහේස්ත්‍රාත්වරිය, සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනවල ප්‍රගතිය මෙම පැමිණීල්ල යළි කැඳවන දෙසැම්බර් 08වැනිදා අධිකරණයට වාර් තා කිරීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියම කළාය.

පැමිණිල්ල වෙනුවෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්‍ෂක නිරෝෂන් මහතා පෙනීසිටි අතර, අගතියට පත් මැදපෙරදිග ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සහ අබුඩාබි මුදල් හුවමාරු මධ්‍යස්ථානය වෙනුවෙන් සුදත් පෙරේරා, නීතිඥ සමාගමේ උපදෙස් පරිදි නීතිඥ දිල්ෂාන් කරුණාරත්න සමග නීතිඥ දේශාන් හේවාවිතාන මහතා පෙනී සිටියේය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඕස්ට්‍රේලියානුවෝ ශ්‍රී ලංකාව පරාජය කරති
Next Article ලොව උසම ධාවනපථය සඳහා ඩුබායි නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවයි
Stanly Kularathna

Related Posts

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025

යුධ ජයග්‍රහණයට අදට වසර 16 යි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.