Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ලොව උසම ධාවනපථය සඳහා ඩුබායි නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවයි
Uncategorized

ලොව උසම ධාවනපථය සඳහා ඩුබායි නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවයි

Stanly KularathnaBy Stanly KularathnaOctober 18, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

‘ගොඩනැගිල්ලක ඉහළම ධාවන පථය’ සඳහා ඩුබායි නැවත වරක් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. Wasl’s Sky Track පිහිටා ඇත්තේ, Zaabeel හි Wasl-1 ගොඩනැගිල්​ලෙහි 43 වන මහලේය. කාර්යබහුල නගර වීදිවලට ඉහළින්, අහස සමඟ ඒකාබද්ධ වන මාවතක් අයුරින් මෙම ධාවන පථය දිස්වේ.

පොළවේ සිට මීටර් 157ක් උසින් පිහිටා ඇති ස්කයි ට්‍රැක් යනු මීටර් 335ක් දිගින් යුත් වහලක් මත නිමැවූ ධාවන පථයක් වන අතර එහි ව්‍යායාම කිරීම​ට තෝරා ගන්නා අයට සාම්ප්‍රදායික ව්‍යායාම් ශාලාවක ව්‍යායාමයකට වඩා සුවිශේෂිත වූ අත්දැකීමක් ලබා ගත හැ​ක.

බර්ජ් කලීෆා, සබීල් උද්‍යානය, Dubai Frame, ෂෙයික් සයිඩ් පාර, පැරණි ඩුබායි සහ Arabian Gulf මුහුදු කලාපය ඇතුළු ඩුබායිහි අසමසම දර්ශන භුක්ති විඳීමට ධාවකයන්ට හැකියාව ලැබේ.

Wasl හි ප්‍රධාන විධායක නිලධාරී Hesham Al Qassim පැවසුවේ “ඩුබායි සඳහා තවත් ගිනස් ලෝක වාර්තාවක් එක්කර ගැනීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා. Sky Track ලෝක වාර්තාවක් අත්කර ගැනීම ගැන අපි නිහතමානීව ආඩම්බ​ර වන අතර, එය මගින් වැසියන්ගේ දෛනික ජීවිතය වැඩිදියුණු කිරීමට හැකිවී​ම ගැන සතුටු වෙනවා.”

මෑත වසරවලදී, ශාරීරික යෝග්‍යතා සම්භන්​ධ කර්මාන්තය කැපී පෙනෙන ව්‍යාප්තියක් අත්විඳ ඇත. ඩුබායිහි, විශේෂයෙන්, 30-day Dubai Fitness Challenge වැනි ප්‍රජා ක්‍රියාකාරකම් සංවිධානය කර ඇති අතර, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් වැළඳ ගැනීමට වැසියන් ඵලදායී ලෙස පොළඹවයි.

මෙම සමාජ වෙනස හඳුනා ගනිමින්, Wasl ලොව වඩාත්ම කැපී පෙනෙන ධාවන පථය ඉදි කරමින් එහි නව්‍ය සංවර්ධන ප්‍රයත්නයන්හිදී සෞඛ්‍යය සහ යහපැවැත්ම සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇත.

Wasl ගිනස් ලෝක වාර්තාවක් මගින් පිළිගැනීමට ලක් වූ දෙවන අවස්ථාව ද මෙයයි. ඔවුන්ගේ පළමු වාර්තාව වූයේ 2018 වසරේ ‘ඉයර් ඔෆ් සයීඩ්’ සැමරුම් අවස්ථාවේදී ‘විශාලතම ගුවන් ප්‍රක්ෂේපණ තිරය’ සඳහාය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිර්මාතෘ දිවංගත ෂෙයික් සයීඩ් බින් සුල්තාන් අල් නහියන් මහතාට උපහාර පිණිස මෙම උත්සවය පැවැත්විණි.

ගිනස් ලෝක වාර්තාහි උප සභාපති තලාල් ඕමාර්, පැවසුවේ: “ලෝකය පුරා සිටින වාර්තා හිමියන්ගේ දක්ෂතාවය සහ අභිලාෂය පිළිබඳව අපි නිරතුරුවම සතුටු වෙමු. ගොඩනැගිල්ලක් මත උසම ධාවන පථය ඉදිකිරීමේ ජයග්‍රහණය වාස්තු විද්‍යාවේ දක්ෂතාවයට පමණක් නොව මිනිසාගේ අභිලාෂයටද සාක්ෂියකි. හැකිදේ නැවත නිර්වචනය කිරීම සඳහා සීමා මායිම් අඛණ්ඩව වෙනස් කරන ආකාරය විශිෂ්ටයි. මෙම ධාවන පථය ඉංජිනේරු විද්‍යාවේ ජයග්‍රහණයක් පමණක් නොව, වචනාර්ථයෙන් සහ රූපක වශයෙන් ඩුබායි අහස වෙත ළඟා වීමට ඇති කැපවීමේ සංකේතයකි. මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණයට සම්බන්ධ වූ සැමට අපි සුබ පතන්නෙමු.”

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබි​යේ ලාංකික ශ්‍රමිකයන්ගෙන් රු. කෝටි 25කට ආසන්නව වංචා කළ සැකකරුට ඇප
Next Article ඩුබායි ව්‍යායාම සහ යෝග්‍යතා මධ්‍යස්ථාන සඳහා තරු ශ්‍රේණිගත කිරීම ලඟදී​ම
Stanly Kularathna

Related Posts

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.