ඩුබායි පොලිසිය විසින් World Islands වල​ට ඔබ්බෙන් ස්මාර්ට් පාවෙන පොලිස් ස්ථානයක් ළඟදීම දියත් කරන බව පසුගියදා ඩුබායිහි පැවති Gitex තාක්ෂණික ප්‍රදර්ශනයේදී අනාවරණය විය.

ඩුබායි පොලිසියේ පරිපාලන නිලධාරි ලුතිනන් රෂීඩ් මොහොමඩ් අල් හෝල් මාධ්‍ය වෙත පැවසුවේ පාවෙන පොලිස් ස්ථානය මිනිස් මැදිහත්වීමකින් තොරව සේවාවන් සපයනු ඇති බවයි. ව්‍යාපෘතිය පිළිබඳ වැඩි විස්තර ළඟදීම දැනුම් දීමට නියමිතයි.

පාවෙන පොලිස් ස්ථානය ඩුබායිහි අනෙකුත් ස්මාර්ට් පොලිස් ස්ථාන මෙන් වනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය. සියළුම සේවාවන් මාර්ගග​තව සිදුකරනු ලබන අතර රථවාහන, අපරාධ සහ ප්‍රජා සේවා සහ සහතික සහ බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු සේවාවන් මීට අ​යත් ​වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට ගනුදෙනු සම්පූර්ණ කිරීම සඳහා ඔවුන්ගේ එමිරේට්ස් හැඳුනුම්පත භාවිතා කළ හැකි අතර විදේශයන්ගෙන් පැමිණෙන සංචාරකයන්ට ගනුදෙනු කිරීමට ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රය භාවිතා කළ හැකිය.

පොලිස් ස්ථාන​යේ කැමරාවක් මගින් පාරිභෝගිකයාට පැය 24 පුරා රාජකාරියේ නියුතු නිලධාරියෙකුට දුරස්ථව කතා කළ හැකිය.

දැනට, ඩුබායිහි ස්මාර්ට් පොලිස් ස්ථාන 22 ක් ඇති අතර, භාෂා හතකින් සේවා සපයනු ලබන අතර, අනාගතයේදී තවත් භාෂා එකතු කිරීමට නියමිතය.

Share.

Comments are closed.