Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ඇෆ්ඝනිස්ථානයට තවත් පෙරළිකාර ජයක්
Events

ඇෆ්ඝනිස්ථානයට තවත් පෙරළිකාර ජයක්

Stanly KularathnaBy Stanly KularathnaOctober 24, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පාකිස්තානය සහ ඇෆ්ඝනිස්ථානය අතර චෙන්නායි නුවර එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති එක්දින ලෝක කුසලාන තරගයෙන් කඩුළු 8 ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්ථානය සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 283 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්ථානුවෝ, ඕවරයක් ඉතිරිව තිබියදී කඩුළු 2 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 93 කදී ලකුණු 96 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ රාමට් ෂා (නොදැවී 77) සහ නායක හෂ්මතුල්ලා ශහිදි (නොදැවී 48) සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. එහිදී පන්දු 84 කට මුහුණදුන් රාමට් ෂා හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 45 කදී වාර්තා වූ ශහිදිගේ ඉනිම හතරේ පහර 4 කන් සමන්විත විය.

ආරම්භක පිතිකරුවන් වූ රහ්මනුල්ලා ගුර්බාස් (65) සහ ඊබ්‍රහීම් සද්‍රාන් (87) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 128 කදී ලකුණු 130 සාර්ථක සම්බන්ධතාවක් ගොඩනගමින් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමූහ. පන්දු 53 කදී ලබාගත් ගුර්බාස් ගේ තෙවැනි අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 9 ක්ද, පන්දු 113 කදී ලබාගත් සද්‍රාන්ගේ 5 වැනි අර්ධ ශතකයට හතරේ පහර 10 ක්ද ඇතුළත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 50 අවසානයේ කඩුළු 7 ක් දැවී ලකුණු 282 ක් ලබා ගත්තේය. අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිතර වූ ඉල්තිකාර් අහමඩ් හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමග පන්දු 27 කින් ලකුණු 40 ක් රැස්කරමින් සිය කණ්ඩායම සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ඔසවා තැබුවේය.

පාකිස්තානයට සාර්ථක ආරම්භයක් ලබාදුන් අබ්දුල්ලා ශෆික් පන්දු 75 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 58 ක් රැස්කළ අතර පළමු කඩුල්ල සඳහා ඉමාම් උල්හක් (17) සමග එක්ව පන්දු 61 කදී ලකුණු 56 ක්ද, දෙවැනි කඩුල්ල සඳහා බාබර් අසාම් (74) සමග එක්ව පන්දු 74 කදී ලකුණු 54 ක්ද එක්කළේය.

පන්දු 92 කට මුහුණදුන් බාබර්, සිය 30 වැනි එක්දින අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සැරසුවේය. සෞද්ශකීල් පන්දු 34 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 25 ක්ද, ශදාබ් බාන් පන්දු 38 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 40 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

පාකිස්තානය – ඕවර 50 කදී කඩුළු 7 දැවී 282

(අබ්දුල්ලා ශෆික් 58, ඉමාම් උල්හක් 17, බාබර් අසාම් 74, සෞද් ශකීල් 25, ශදාබ් ඛාන් 40, ඉෆ්රිකාර් අහමඩ් 40, නූර්අහමඩ් 49/3, නවීන් උල්හක් 52/2)

ඇෆ්ඝනිස්ථානය – ඕවර 49 කදී කඩුළු 2 ක් දැවී 286

(රහ්මනුල්ලා ගුර්බාස් 65, ඊබ්‍රහීම් සද්‍රාන් 87, රාමට් ෂා නොදැවී 77, හෂ්මතුල්ලා ශහිදි නොදැවී 48)

Middle East Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි, පෞද්ගලික පාසල් 2023-24 දී වැඩිම බඳවා ගැනීම් වාර්තා කරයි
Next Article අබුඩාබිහි, නිවසේ ගෑස් භාවිතයේදී පිලිපැදිය යුතු ආරක්ෂණ මාර්ගෝපදේශ නිවේදන​ය කරයි
Stanly Kularathna

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.