එක්සත් අරාබි එමිර් රාජ්‍ය​යේ සිටි​න ප්‍රමුඛතම ශ්‍රී ලාංකි​ක ක්‍රීඩා සමාජයක් වන ශ්‍රී ලයන්ස් විසින් සංවිධානය කරනු ලබ​න ශ්‍රී ලාංකේය දැවැන්තම ක්‍රීඩා සැණකෙළිය Sri Lions Back to School 2023 නොවැම්බර් 4 වෙනි සෙනසුරාදා Dubai Club for People of Determination හිදී පෙ:ව: 7:00 සිට දවස පුරා පැවැත්වෙනවා.

ශ්‍රී ලයන්ස්හි නිර්මාතෘ ආචාර්ය කැළුම් සුජිත් මහතා සහ එහි සංවිධායක මඩුල්ල විසින්, ඊයේ ඩෙයිරා සිටි සෙන්ටර්හි Novotel හෝටල් පරිශ්‍රයේදී මෙම ක්‍රීඩා සැණකෙළිය පිළිබඳ​ව මාධ්‍ය දැනුවත් කිරීම ​සඳහා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

Back to School සංකල්පය යටතේ මතක​යේ පමණක් ඉතිරිව ඇති පෙර පාසල් දිවිය යතාවත් ​කරමින් ඒ සොඳුරු කාලසීමාව වෙත නැවත ගමන් කරන්නට මෙහිදී අවස්ථාව හිමිකර දීමට සංවිධායකයින් කටයුතු සලසා තිබෙන බවත් නිල පාසල් ඇඳුමින් සැරසී, පැරණි යහළුවන් සමග සොඳුරු පාසල් මතකයන් ආවර්ජනය කරන්නට මෙහිදී සැමට අවස්ථාව උදාවෙන අතරම සහභාගීවන පාසල් කණ්ඩායම් අතරින් තම පාසල් කණ්ඩායම දිනවන්නට ක්‍රීඩා ඉසව් ගනනාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇති බවත් සංවිධායක මඩුල්ල විසින් මාධ්‍ය සාකච්ඡාවේදී හෙලි කරනු ලැබුවා.   

එම ක්‍රීඩා ඉසව් අතර ​ම​ළලක්‍රීඩා, රගර්, වොලිබෝල්, නෙට්බෝල්, බාස්කට්බෝල්, කඹ ඇදීම, මාච් පාස්ට්, school parade මෙන්ම තවත් ක්‍රීඩා ඉසව් ගනනාවක් පැවැත්වීමට නියමිතයි.

ළමා, තරුණ, වැඩිහිටි සියල්ලන්ම මෙම තරග ඉසව් සඳහා ඉදිරිපත් විය හැකි අතර ​ඒ සඳහා ලියාපදිංචිවීම අනිවාර්ය වෙනවා.

ලියාපදිංචිවීම සඳහා : මෙතනින්

Share.

Comments are closed.