2023 – ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගි වූ රටවල් වලට හිමි මුදල් ත්‍යාග වල වටිනාකම් ප්‍රසිද්ධියට පත් කර තිබේ. ඒ අනුව ශූරතාවය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන හතරක ත්‍යාගයක් හිමිව ඇති අතර අනුශූරයන් වූ ඉන්දියාවට ඩොලර් මිලියන දෙකක මුදලක් හිමිවී ඇත.

අවසන් පුර්ව වටයට ක්‍රීඩා කල නවසීලන්තය හා දකුණු අප්‍රිකාවට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 8 බැගින් හිමිවිණි.
තරගයට සහභාගී වූ සෑම කණ්ඩායමකටම ඩොලර් ලක්ෂයක් සහ ජයග්‍රහණය කළ තරගයට ඩොලර් හතලිස් දහස  බැගින් ලැබෙනු ඇත. තරගාවලියේ තරග දෙකක් පමණක් ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ අනුව හිමි වන මුදල ඇමරිකානු ඩොලර් 180,000 කි.

මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට පනවා ඇති තහනම හේතුවෙන් එම මුදල ශ්‍රී ලංකාවට නිදහස් නොකිරීමේ තත්ත්වයක් මතුව ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ පිළිබඳවද තීන්දුවක් ගැනීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම සම්බන්ධයෙන්ද අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ප්‍රධානම කාරණය ලෙස සාකච්ඡා කෙරේ.

Share.

Comments are closed.