Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Tourism»“Nas Daily” ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ ගිවිසුම් ගතවෙයි
Tourism

“Nas Daily” ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ ගිවිසුම් ගතවෙයි

Stanly KularathnaBy Stanly KularathnaNovember 21, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඔන්ලයින් ප්‍රජාව අතර ජනප්‍රිය “Nas Daily” හි නිර්මාතෘ ලෙසත් අරාබි-ඊශ්‍රායල් ව්‍ලොගර් සහ ඔන්ලයින් ක්‍රියාකරුවෙකු ව​න නුසෙයිර් යසින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සමඟ ගිවිසුමකට එළඹ තිබෙනවා.

31 හැවිරිදි යසින් දැනට ඩුබායි හි වාසය කරන අතර ඔහුගේ ගෝලීය සංචාර විකාශණය කරන ඔහුගේ යූ ටියුබ් නාලිකාව වන “Nas Daily” ඒ සඳහා ප්‍රසිද්ධය.

සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ආරාධනයෙන් නුසෙයිර් යසින් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි අත​ර ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ඔහු සමග ගිවිසුම්ගතවීම සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. “මෙම සහයෝගීතාවය, ඊශ්‍රායල-අරාබි ව්ලොග් නිර්මාතෘවරයාගේ ගෝලීය ආකර්ශණය හා පිළිගැන්​ම ඉහළ නංවමින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නව තලයකට ගෙනයාම​ට උත්ප්‍රේරකයක් වීමට සූදානමින් සිටී” යනුවෙන් ඔහු ෆේස්බුක් සටහනක් තබමින් පැවසීය.

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වීඩියෝ තුනක් නිෂ්පාදනය කිරීමට ගිවිසුම අත්සන් කර ඇති බව අමාත්‍යවරයා පවසයි.

මිලියන ගණනක් වූ සැලකිය යුතු අනුගාමිකයන් පිරිසක් සිටින, Nas Daily ගේ බලපෑම ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඔහුගේ පෙර වීඩියෝ නිෂ්පාදන ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගත් අතර, “This is Made of Poop” “My Biggest Money Mistake” ස​හ “The Key Board Warrior” විවිධ ප්‍රේක්ෂකයින්​ගේ ආකර්ශණයට ලක්වූ බව අමාත්‍යවරයා පැවසීය.

Nas Daily විසින් 2020 දී කැපී පෙනෙන වීඩියෝවක් මගින්, ශ්‍රී ලංකාව “කොවිඩ් සමයේ වඩාත්ම ත්‍යාගශීලී රට” ලෙස ඉස්මතු කරන ලද වීඩියෝවක් ලොව පුරා ප්‍රේක්ෂකයින් අත​ර ජනප්‍රිය වි​ය.

“සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සමඟ ඇතිකරගත් ​මේ නවතම ගිවිසුම මගින් ධනාත්මකව තවකෙකු දැනුවත් කිරීමේ හැකියාව ශක්තිමත් කරනවා පමණක් නොව Nas Daily හි සුවිශේෂී ඉදිරිපත් කිරීමේ හැකියාව සමඟ ශ්‍රී ලංකාව සඳහා සංචාරක උනන්දුව ඉහළ නැංවීමක් ද බලාපොරොත්තු ​වේ” හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලෝක කුසලාන තරඟාවලියට ක්‍රීඩා කල, රටවල් වලට හිමි ත්‍යාග මුදල් ප්‍රකාශයට පත් කෙරේ.
Next Article Dubai Fitness Challenge ධාවන තරඟය වෙනුවෙන් sheikh Zayed අධිවේගී මාර්ගයේ ගමනාගමනය නතර කෙරේ.
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.