Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Dubai Municipality»ඩුබායි මහ නගර සභාවෙන් ඉදිකිරීම් ස්ථානවල ආරක්‍ෂිත ප්‍රමිතීන් වැඩි දියුණු කිරීමේ ව්‍යාපාරයක්
Dubai Municipality

ඩුබායි මහ නගර සභාවෙන් ඉදිකිරීම් ස්ථානවල ආරක්‍ෂිත ප්‍රමිතීන් වැඩි දියුණු කිරීමේ ව්‍යාපාරයක්

Stanly KularathnaBy Stanly KularathnaNovember 23, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි මහ නගර සභාව, පසුගි​යදා, ඩුබායිහි පිහිටි ඉදිකිරීම් ස්ථානවල ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල වීම, වැඩි දියුණු කිරීම සහ ආරක්ෂිත වැඩ පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ව්‍යාපාරයක් දියත් කළේය.

ව්‍යාපාරයේ අරමුණ වන්නේ, ඉදිකිරීම් ස්ථානවල සේවය කරන පුද්ගලයින් ආරක්ෂා කිරීම, අනතුරු සහ තුවාල අවම කිරීම සහ ආරක්ෂිත සේවා පරිසරයක් සහතික කිරීම සඳහා ආරක්ෂක රෙගුලාසි සහ සම්මතයන් පිළිපැදීම වැඩිදියුණු කිරීමයි.

ඩුබායි මහ නගර සභාව පවසන්නේ, මෙම ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් ඩුබායිහි ඉංජිනේරුවන්, උපදේශකයින්, අධීක්ෂකවරුන්, කම්කරුවන් සහ කොන්ත්‍රාත් සහ ඉංජිනේරු උපදේශන සමාගම් ඉලක්ක කර ගෙන ඇති අත​ර එමගින් ඩුබායිහි නව්‍ය, තිරසාර සහ අති නවීන ඉදිකිරීම් ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීමේ සංවිධානයේ අරමුණුවලට සහාය වීමේ ප්‍රයත්නයේ කොටසක් බවයි.

‘ඉදිකිරීම් ආරක්ෂණ පිළිවෙත් සංග්‍රහයේ’ පෙන්වා දී ඇති මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඉහළම ආරක්‍ෂිත ප්‍රමිතීන් සහතික කිරීම සහ සාක්ෂාත් කර ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කර ඇති බව පළාත් පාලන ආයතනය පවසයි. මේ අතරින් වඩාත් කැපී පෙනෙන කරුණ වන්නේ මෙම වසර තුළ ඉදිකිරීම් ස්ථාන 14,858 ක පමණ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකා 35,672 ක් ක්‍රියාත්මක කොට ඇති බව එහි සඳහන් වේ.

ව්‍යාපාරයේ කොටසක් ලෙස මහ නගර සභාව Wasl ප්‍රදේශයේ පුහුණු අභ්‍යාසයක් මගින් ඉවත් කිරීමේ ක්‍රියාකාරකමක් ද සිදු කරන ලද අතර එය ඉදිකිරීම් භූමියක සිදුවිය හැකි උපකල්පිත තත්වයක් අනුකරණය කළේය. මෙහි අරමුණ වූයේ මෙවැනි අවස්ථාවන්ට කඩිනම් ප්‍රතිචාර දැක්වීමේදී නිල සහ අභ්‍යන්තර බලධාරීන්ගේ වේගය, කාර්යක්ෂමතාව සහ විභවය තීරණය කිරීමයි.

ඩුබායි මහ නගර සභාව විසින් ප්‍රචාරක ක්‍රියාකාරකම්වල කොටසක් ලෙස ජෙබෙල් අලි සහ මුහයිස්නා හි දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු මාලාවක් ද සංවිධානය කරන ලදී.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමිරේට්ස් තිරසාර ගුවන් ඉන්ධන භාවිතයෙන් A380 පරීක්ෂණ ගුවන් ගමනක් ක්‍රියාත්මක කළ ලොව ප්‍රථමයා වෙයි
Next Article Expo City Dubai සම්පූර්ණයෙන්ම පුනර්ජනනීය බලශක්තියෙන් බලගැන්වේ
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.