Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»ඩුබායිහි අල් මේදාන් වීදිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ වැ​ඩ 85% ක් සම්පූර්ණ කරයි
RTA

ඩුබායිහි අල් මේදාන් වීදිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ වැ​ඩ 85% ක් සම්පූර්ණ කරයි

Stanly KularathnaBy Stanly KularathnaNovember 23, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි අල් මේදාන් වීදිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් එම මාර්ගය​යේ ගමන් කාලය විනාඩි අටේ සිට විනාඩියක් දක්වා අඩු කෙරෙ​න බවත් මාර්ගයෙහි තදබදය 93% කින් පමණ අඩු කර ගත හැකි බවත් මාර්ග හා ප්‍රවාහන අධිකාරිය (RTA) පවසනවා.

අල් ඛයිල් වීදි​ය මංසන්ධියේ සිට පාපැදි ක්‍රීඩා සමාජය දක්වා විහිදෙන අල් මේදාන් වීදිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ වැ​ඩ 85%ක් සම්පූර්ණ කර ඇති බව​ද RTA නිවේදනය කොට තිබෙනවා.

ඩුබායි හි යටිතල පහසුකම් අඛණ්ඩව වැඩිදියුණු කිරීම හරහා, RTA හි අරමුණ වන්නේ නාගරික වර්ධනයට ගැලපෙන පරිදි මාර්ග කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ඩුබායි හි තිරසාර සංවර්ධනයට සහාය වන අතර එමඟින් ඩුබායි මාර්ගවල සුමට වාහන ගමනාගමනය සහතික කිරීමයි.

RTA හි මාර්ග, රථවාහන සහ මාර්ග නියෝජිතායතනයේ අධ්‍යක්ෂ හමාඩ් අල් ෂෙහි පැවසුවේ: “මෑතකාලීන වැඩිදියුණු කිරීම් මගින් අල් මේදාන් වීදියේ ගමන් කාලය උදෑසනදී මිනිත්තු අටේ සිට විනාඩියක් දක්වා සහ සවස් කාලයේචී මිනිත්තු හතේ සිට මිනිත්තුවක වඩා අඩු කිරීම අරමුණු කර ගෙන ඇත.” “එපමනක් නොව, මංසන්ධිවල තදබදය සාමාන්‍යයෙන් 93.3% කින් සැලකිය යුතු ලෙස පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.” “අල් මේදාන් වීදිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියෙහි ඉදිරි අදියරට මොහොමඩ් බින් රෂීඩ් සිටි ප්‍රදේශයේ වඩා හොඳ රථවාහන ප්‍රවාහයක් සඳහා පිවිසුම් සහ පිටවීම් වෙනස් කිරීම ඇතුළත් වේ. ඊට අමතරව, නව අල් මේදාන් මංසන්ධියේ භූමි අලංකරණ කටයුතු සැලසුම් කර තිබෙනවා. සම්පූර්ණ ව්‍යාපෘතිය 2024 දෙවන කාර්තුව ආරම්භයේදී අවසන් කිරීමට අපේක්ෂා කෙරේ”.

RTA විසින් අල් මේදාන් ප්‍රදේශයේ බයිසිකල් මංතීරු සඳහා උමගක් විවෘත කරන ලද අතර, එහි දිග මීටර් 160 ක් සහ පළල මීටර් 6.6 ක් වන අතර, පැයකට බයිසිකල් 800 කට ආසන්න ප්‍රමාණයක් හුවමාරු වී​මේ හැකියාව ඇත.

පාපැදි ධාවන පථයේ මංසන්ධිය, උමං මාර්ගයක් බවට පරිවර්තනය කිරීම මගින් අල් මේදාන් මංතීරුවේ නිදහස් හා අඛණ්ඩ චලනය සඳහා පහසුකම් සලසා ඇත, මතුපිට මංසන්ධිය ඉවත් කිරීම හේතුවෙන් පාපැදිකරුවන් සඳහා රැඳී සිටීමේ කාලය අඩු කරයි.

අල් මේදාන් ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතිය යට​තේ Nad Al Sheba සහ Cyclists Club වෙත කැපවූ පාපැදි ධාවන පථය හා සම්බන්ධ කිරීමෙන් පාපැදිකරුවන්ට සේවය සලසයි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE පාරිභෝගිකයින් සඳහා නව ප්‍රතිචක්‍රීකරණය කළ හරිත සිම් කාඩ්පත් හඳුන්වා දෙයි
Next Article ඊ-මේල් ලිපිනය සම්බන්ධ කිරීමට ඉඩ සලස​න WhatsApp නව විශේෂාංගයක්
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.