ඩුබායිහි එමිරේට්ස්, අබුඩාබිහි එතිහාඩ් එයාර්වේස් සහ ඉන්දියානු අදානි සමූහය ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් (SLA) හි කොටස් ලබා ගැනීම සඳහා අපේක්ෂාවෙන් ලංසු ඉදිරිපත් කොට තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආයෝජනය කිරීමට කැමැත්ත දක්වන ආයෝජකයන් 16 දෙනෙකු ඉදිරිපත්ව ඇති අතර මුල් අදියරේදී කැමැත්ත දැක්වූ ඉන්දියානු ටාටා සමාගම ලංසු තැබීම සඳහා ඉදිරිපත්වී නොමැති බවයි ගුවන් සේවා අමාත්‍යාංශයේ ඉහළ ආරංචි මාර්ග අනාවරණය කළේ.

ජාතික ගුවන් සේවයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ පළමු අදියර අවසන් වී තිබෙනවා. ණය බරින් මිරිකී සිටින ජාතික ගුවන් සේවය සඳහා වන ලංසු ඉදිරිපත් කිරීම අවසන් කර ඇති අතර පූර්ව සුදුසුකම් ලත් ලංසුකරුවන් තෝරා ගැනීම දැන් සිදුවෙමින් පවතී.

ගුවන් සේවා ක්‍ෂේත්‍රයේ විශේෂ විශේෂඥ කණ්ඩායමක් පූර්ව සුදුසුකම් ලත් ලංසුකරුවන් තෝරා ගැනීම සඳහා ලංසු ඇගැයීමේ කටයුතුවල නිරතව සිටින බවත් ඔවුන් අතරින් සුදුසුකම් ලත් ආයෝජකයින් කඩිනමින් කෙටි ලැයිස්තුගත කිරීම​කට ලක් කරන බවත් එම ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට මග පෙන්වීම සඳහා ජාත්‍යන්තර උපදේශකයෙකු පත් කර ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් පෞද්ගලීකරණය 2024 ජුනි 30 වන විට අවසන් කිරීමට නියමිතය.

Share.

Comments are closed.