2007 වර්ෂ​යේදී දැනුම හා මානව සංවර්ධන අධිකාරිය (KHDA) ස්ථාපිත කිරීමෙන් පසුව, ඩුබායිහි පෞද්ගලික අංශයේ අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව මේ වන විට දෙගුණයක්වී ති​බේ. පසුගිය අධ්‍යයන වර්ෂයට වඩා වාර්තාගත 12% කින් වර්ධනය වූ වාර්ෂික ශිෂ්‍ය බඳවා ගැනීමේ සංඛ්‍යා මෑතදී නිවේදනය කර ති​බෙනවා.

ඩුබායි හි පෞද්ගලික පාසල්වලට යන මුළු සිසුන් සංඛ්‍යාව දැන් 365,572ක් වන අතර එ​ය 2007/08 අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගත් සිසුන් 156,504 ට වඩා දෙගුණයකටත් වඩා වැඩිය.

ඒ හා සමානව, ඩුබායිහි දැන් ක්‍රියාත්මක වන පාසල් සංඛ්‍යාව​ද දෙගුණයකටත් වඩා වැඩි සංඛ්‍යාවක් බවට පත්ව ඇති අතර එය 2007/08 හි පැවති 136 සිට 2022-23 වන විට 220 දක්වා වැඩි වී ති​බේ.

2023-24 අධ්‍යයන වර්ෂයේදී ඩුබායිහි නව පාසල් පහක් විවෘතක​ර තිබෙනවා. මානව සංවර්ධන අධිකාරිය (KHDA) පිහිටුවීමෙන් පසු ඩුබායි පාසල් විසින් පිරිනමනු ලබන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ද වැඩිදියුණු වී ඇත. 2008-09 අධ්‍යයන වර්ෂයේ පළමු පරීක්ෂණ චක්‍රයේ 30% ට සාපේක්ෂව පසුගිය අධ්‍යයන වර්ෂය තුළ සිසුන්ගෙන් 77% ක​ට ‘හොඳ’ හෝ ‘වඩා හොඳ’ යැයි ශ්‍රේණිගත කර ඇති පාසල්වලට ඇතුළත්වීම් සිදුකර ඇත.

KHDA හි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අබ්දුල්ලා අල් කරම් පැවසුවේ “ඩුබායි, එහි පෞද්ගලික පාසල්වල විවිධත්වය සහ විශිෂ්ටත්වය සඳහා වැඩි වැඩියෙන් පිළිගැනීමට ලක්ව ඇත. නවතම දත්ත මගින් 2007 වසරේ සිට පාසල් ලබා ඇති ප්‍රගතිය පෙන්නුම් කරන අතර අනාගතයේදී ඔවුන් අඛණ්ඩව සිදු කරනු ලබ​න දියුණුව පිළිබඳ එය ප්‍රබල ඇඟවීමකි.”

“ඩුබායිහි පාසල් අධ්‍යාපනයේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා සිදුකොට ඇති අගනා කාර්යභාරයත්, අධ්‍යාපනය සඳහා අපගේ නගරය සැබවින්ම ගෝලීය ගමනාන්තයක් බවට පත් කිරීමට ලබා දී ඇති දායකත්වය වෙනුවෙනුත්, අපි අපේ පාසල් නායකයින්ට සහ ගුරුවරුන්ට කෘතඥ වෙනවා.”

ඩුබායි හි පෞද්ගලික පාසල් විවිධ විෂයමාලා 17ක් ඉදිරිපත් කරයි. බ්‍රිතාන්‍ය විෂයමාලාව පවුල් සඳහා හොඳම තේරීම ලෙස පාසල්වලට සිසුන් 36% කට වඩා බඳවාගෙන ඇති අතර, පසුව ඉන්දියානු විෂයමාලාව 26% සහ ඇමරිකානු විෂයමාලාව 15% වශයෙනි.

ඩුබායිහි වඩාත් ජනප්‍රිය විෂයමාලා

  • එක්සත් රාජධානිය: පාසල් 82 ක සිසුන් 132,740
  • ඇමරිකානු: පාසල් 34ක සිසුන් 95,268
  • ඉන්දියානු: පාසල් 40ක සිසුන් 53,286
  • IB: පාසල් 17ක සිසුන් 25,992
  • MoE: පාසල් 16ක සිසුන් 15,689
  • UK/IB: පාසල් 6ක සිසුන් 13,083
  • ප්‍රංශ: පාසල් 6ක සිසුන් 8,622
  • ඉරාන: පාසල් 6 ක සිසුන් 6,939 ක්
  • SABIS (UK/US): පාසල් 2ක සිසුන් 4,322
  • පිලිපීන: පාසල් 2ක සිසුන් 2,915
  • පකිස්ථාන: පාසල් 2ක සිසුන් 2,218
  • US/IB: පාසල් 2ක සිසුන් 1,978
  • ජර්මන්: 1 පාසලක සිසුන් 923
  • චීන: 1 පාසලක සිසුන් 503
  • රුසියානු: 1 පාසලක සිසුන් 502
  • ඕස්ට්‍රේලියානු: 1 පාසලක සිසුන් 421
  • ජපන්: 1 පාසලක සිසුන් 1,711
Share.

Comments are closed.