Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Employment»එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘ව්‍යාජ එමරාතීකරණ​ය’ සඳහා සමාගම් 113ක් අධිකරණය​ට
Employment

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘ව්‍යාජ එමරාතීකරණ​ය’ සඳහා සමාගම් 113ක් අධිකරණය​ට

Stanly KularathnaBy Stanly KularathnaDecember 2, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය (MOHRE) එමරාතීකරණ නීති උල්ලංඝ​නය කිරීම සම්බන්ධයෙන් පුද්ගලික සමාගම් 113 ක් අධිකරණය​ වෙත යොමු කර තිබෙනවා.

අවම වශයෙන් පුද්ගලික සමාගම් 98ක් ‘ව්‍යාජ එමරාතීකරණ​’ තනතුරු සඳහා පුරවැසියන් පත් කිරීමට සම්බන්ධ වී ඇති අතර, එමරාතීකරණ ඉලක්ක මඟ හැරීමට තවත් සමාගම් 15ක් සම්බන්ධ වී ඇත.

2022 දෙවන භාගයේ සිට මේ දක්වා එමරාතීකරණ නීති කඩ කරනල​ද මුළු සමාගම් සංඛ්‍යාව 894 දක්වා ඉහළ ගොස් ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන් 1,267 දෙනෙකු ‘ව්‍යාජ එමරාතීකරණ​’ රැකියා සඳහා බඳවාගෙන ඇති බව ඔප්පු වී ඇත.

උල්ලංඝනය කරන්නන්​ට එරෙහි​ව දැඩි ලෙස නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය අනතුරු ඇඟවූ අතර, “නීති උල්ලංඝණය කිරීම් අණාවරනය කරගැනීම, ඩිජිටල් සහ ක්ෂේත්‍ර අධීක්ෂණ පද්ධතිය හරහා අප විසින් අඛණ්ඩව පසු විපරම් කිරීමේ ප්‍රතිඵලයක් වන අතර පුද්ගලික අංශයේ සමාගම් එමරාතීකර​​ණ තීරණවලට අනුකූල වීමේ ප්‍රමාණය අධීක්ෂණය කිරීම මෙහි අරමුණයි.”

ඩිරාම් 20,000​ක දඩයක්

නිවේදනය තවදුරටත් මෙසේ පැවසීය: “නීති උල්ලංඝනය කරන සමාගම් අධිකරණය​ වෙත යොමු කර ඇති අතර, උල්ලංඝනයන්​ට එරෙහිව නීතිමය හා පරිපාලනමය ක්‍රියාමාර්ග ගෙන ඇත. මෙම පියවරයන් අතර​ට, එක් එක් ව්‍යාජ එමරාතීකරණ උල්ලංඝනය කිරීමක් සඳහා ඩිරාම් 20,000​ක දඩ පැනවීමක් සහ පුද්ගලික අංශයේ සමාගම් වර්ග කිරීමේදී, MoHRE හි පද්ධතිය තුළ සමාගම් වර්ගීකරණය අවම කාණ්ඩය දක්වා පහත හෙලී​ම සිදුකරයි. අවම කාණ්ඩයේ නැතහොත් තුන්වන කාණ්ඩයේ සමාගම් සඳහා, පළමු සහ දෙවන කාණ්ඩවල ලැයිස්තුගත කර ඇති සමාගම් විසින් ගෙවනු ලබන ගාස්තු හා සසඳන විට අමාත්‍යාංශය ඉහළ සේවා ගාස්තුවක් අය කරයි.

“උල්ලංඝනය කරන සමාගම්වලට සත්‍ය එමරාතීකරණ ඉලක්ක සපුරා ගැනීමටත් එමරාතීකරණයට අදාළ මූල්‍ය දායකත්ව ගෙවීම සහතික කිරීමටත් අවශ්‍ය වනු ඇත.”

ව්‍යාජ එමරාතීකරණයට සම්බන්ධ බව ඔප්පු වූ පුරවැසියන්​ට Nafis වැඩසටහනේ ප්‍රතිලාභ අත්හිටුවන ලද අතර, ඔවුන් ලබාගත් මූල්‍ය ප්‍රතිලාභ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අදාළ කැබිනට් යෝජනාවට අනුකූලව නැවත අයකර ගන්නා ලදී.

‘ව්‍යාජ එමරාතීකරණ​ය’ යනු

සමාගම​ක, අවශ්‍ය එමරාතීකරණ ඉලක්ක සපුරාලීම සඳහා, එමීර් ජාතිකයෙකු එම සමාගමේ සැබෑ කාර්යයන් නොමැතිව නාමික රැකියාවක සේවය කරමින් එමරාතීකරණ ඉලක්ක මගහැර අදාළ ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින් කටයුතු කරද්දී එම සමාගම තුළම එමරාති ජාතිකයෙකු නැවත බඳවා ගන්නා විට එමරාතීකරණ​ය ව්‍යාජ ලෙස සැලකේ.

එමරාතීකරණ​ ඉලක්ක මගහැර ඇති බවට ඔප්පු වූ සමාගම්වලට එරෙහිව නීතිමය හා පරිපාලනමය ක්‍රියාමාර්ග ද අමාත්‍යාංශය විසින් ගනු ලැබීය. සෑම සමාගමකටම ඩිරාම් 100,000​ක පරිපාලන දඩයක් පැනවීම, එමරාතීකරණ ඉලක්කවල වාර්ෂික වර්ධන වේගය සාක්ෂාත් කර නොගැනීම සඳහා මෙම සමාගම්වලට මූල්‍ය දායකත්වය යෙදීම සහ එමරාතීකරණ අනුපාතය සාක්ෂාත් කර ගන්නා ලෙස ඉල්ලා සිටීම මෙම ක්‍රියාමාර්ගවලට ඇතුළත් ​වේ.

අමාත්‍යාංශය, 95% කට වැඩි ප්‍රමාණයක් සමාගම්, එමරාතීකරණ තීරණ සහ ප්‍රතිපත්ති සඳහා කැපවීම පැසසුමට ලක් කර ඇති අතර, “රජය සහ පෞද්ගලික අං​ශ අතර උපායමාර්ගික හවුල්කාරිත්වය තුළ අවශ්‍ය දේ ඉටු කිරීමට සහ එහි වගකීම් ඉටු කිරීමට පුද්ගලික අංශයේ උනන්දුව සනාථ කරයි.”

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යය තෙල් නිෂ්පාදනය දිනකට බැරල් 163,000 කින් අඩු කරයි
Next Article ‘ඩුබායි මැරතන් – 2024’ තර​ඟයේ 23 වන අදියර, ජනවාරි 7 වනදා
Stanly Kularathna

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.