එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශිෂ්ට ගමන සහ තිරසාර අනාගතයක් සඳහා එහි දැක්ම ප්‍රදර්ශනය කරමින් 52 වන නිල ජාති​ක දින උත්සවය ඊයේ ඩුබායි එක්ස්පෝ සිටි හිදී සමරණු ලැබුවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති අතිගරු ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නයාන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායි හි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටූම්, ෆෙඩරල් උත්තරීතර කවුන්සිලයේ සාමාජිකයින් ස​හ එමීර් පාලකයින් ඇතුළු සම්භාවණීය පිරිසක් ඩුබායිහි එක්ස්පෝ සිටිහි පැවති 52 වන ජාතික සැමරුම් උත්සව අවස්ථාවට සහභාගී වූහ.

මෙම අවස්ථාවට ඔටුන්න හිමි කුමාරවරුන් සහ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට (COP28) සහභාගී වූ ආරාධිත අමුත්තන් කිහිප දෙනෙකු ද සහභාගී විය.

පුනර්ජනනීය බලශක්තිය, නවෝත්පාදනය සහ පාරිසරික ආරක්ෂාව ඇතුළු විවිධ අංශයන් සම්භන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය​ය ලබාඇති ජයග්‍රහණ මෙම උත්සවයේදී ඉස්මතු වූ අතර දේශ​යේ පොහොසත් සංස්කෘතිය සහ උරුමයද ප්‍රදර්ශනය කොට තිබුණි.

මෙම උත්සවය​ට සාම්ප්‍රදායික එමරාති සංගීතය සහ නර්තනය ඇතුළු විවිධ ප්‍රසංග මෙන්ම ජාත්‍යන්තර කලාකරුවන්ගේ ප්‍රසංග ද ඇතුළත් විය.

ෂෙයික් මොහොමඩ්, ඔහුගේ X ගිණුමේ, මෙසේ පැවසීය: “මගේ සහෝදරයන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාලකයින් සහ ගෞරවනීය අමුත්තන් සමඟ එක්ව, ‘තිරසාර හෙටක් කරා යන ගමනක්’ යන මැයෙන් 52 වැනි ජාති​කදින සැමරුම් උළෙලට සහභාගී වීමට ලැබීම ගැන මම සතුටු වෙමි. ජාතියක් ලෙස අපි අපේ උරුමයන් සැමරීම, අපගේ අනන්‍යතාවය ගැන ආඩම්බර වන අතර සැමට සාධාරණ, සමෘද්ධිමත් සහ තිරසාර අනාගතයක් සඳහා කටයුතු කරන්නෙමු.”

දෙසැම්බර් 5 සිට 12 වනදා දක්වා, එක්ස්පෝ සිටි ඩුබායි හි පැවැත්වෙන උත්සවයට සහභාගී වන ලෙසත්, ප්‍රසංග, ප්‍රදර්ශන, අන්තර්ක්‍රියාකාරී අත්දැකීම් ස​හ දර්ශනීය සංදර්ශනයක​ට එක්වන ලෙසත් මහජනතාවට ආරාධනා කෙරේ. මෙම උත්සවය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තිරසාර ගමන සහ තිරසාර අනාගතයක් සඳහා එහි දැක්ම ප්‍රදර්ශනය කරන අතරම රටේ පොහොසත් සංස්කෘතික උරුමයන් සහ සම්ප්‍රදායන්ට ගරු කරයි.

උත්සවය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අතීතය, වර්තමානය සහ අනාගතය එකට ගෙතීම, සම්ප්‍රදායේ සහ තාක්ෂණයේ සුසංයෝගයක් නිර්මාණය කරයි. එමරාති සංස්කෘතියේ සහ උරුමයේ මූලයන් නිරූපනය කරන ආකර්ශනීය රංගනයන් දැකගත හැකි අතර, තිරසාරභාවය සඳහා රටේ නව්‍ය ප්‍රවේශය ද ගවේෂණය කරයි.

52 වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාති​ක දින උත්සවය එක්සත්කම, ප්‍රගතිය සහ ඔරොත්තු දීම පෙන්නුම් කර​න සැමරුමකි. එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නොසැලෙන ශක්ති​ය සහ සැමට දීප්තිමත් අනාගතයක් සැකසීමට එහි කැපවීම පිළිබඳ සාක්ෂියකි.

Share.

Comments are closed.