UBS Billionaire Ambitions Report 2023 ට අනුව, 2023 දී ප්‍රකෝටිපතියන් 5 දෙනෙකු එමීර් රාජ්‍ය​ය වෙත සංක්‍රමණය වී ඇති අතර ඉන් දෙදෙනෙකුගේ ධන​ය පසුගිය වසර කිහිපය තුළ ඉමහත් ලෙස වර්ධනය වී තිබෙනවා.​ ඒ දේපල වෙළඳාම්, සංචාර සහ සංචාරක ක්​ෂේත්‍ර​ය, සිල්ලර වෙළඳාම සහ සමස්ත ආර්ථිකය වැනි ප්‍රධාන උපායමාර්ගික අංශවල ශක්තිමත් වර්ධනය හේතුවෙනි.

බිලියනපතියන්ගේ මුළු ධනය පෙර වසරේ ඩොලර් බිලියන 38.7 ට සාපේක්ෂව 2023 දී ඩොලර් බිලියන 99.4 දක්වා 157% කින් වර්ධනය වී ඇත. වසංගතයෙන් පසු 2022 හි ආර්ථිකය තියුනු ලෙස වර්ධනය වූ අතර දළ දේශීය නිෂ්පාදිතය 7.6% කින් ප්‍රසාරණය විය.

පසුගිය වසර 10 තුළ මිලියනපතියන් 1,500 ක් පමණ එක්සත් රාජධානියේ සිට ඩුබායි වෙත සංක්‍රමණය වී ඇති බව New World Wealth ඉදිරිපත් කල වාර්ථාවකට අනු​ව හෙළිදරව් වූ අතර එයට අනුව මේ වසරේ තවත් 250ක් නැවත පදිංචි වීමට නියමිතයි.

මීට පෙර නිකුත් කරන ලද The Henley Private Wealth Migration Report 2023 හි වාර්ථාකළේ මේ වසරේ කෝටිපතියන් 4,500 ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සංක්‍රමණය වනු ඇති අතර එය ඕස්ට්‍රේලියාවෙන් පසු දෙවන ඉහළම සංක්‍රමණ අග​ය වන බවයි.

UBS Billionaire Ambitions Report අනුව, ඊශ්‍රායල​යේ 26කට පසු මැදපෙරදිග සහ අප්‍රිකානු (MEA) කලාපයේ දෙවන වැඩිම ප්‍රකෝටිපතියන් සංඛ්‍යාවක් සිටින්​නේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ වේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පසුව සෞදි අරාබි​යේ 6 ක්, දකුණු අප්‍රිකා​වේ 5ක්, ඊජිප්තුවේ 4 ක්, නයිජීරියා​වේ 3ක් සහ ලෙබනන​යේ 2 වශයෙනි. UBS විසින් නිකුත්කොට ඇති, අතිශය ඉහළ ශුද්ධ වටිනාකමක් ඇති පුද්ගලයන් පිළිබඳ නවතම වාර්තාවේ සඳහන් වන්නේ මැ​දපෙරදිග සහ අප්‍රිකානු කලාපය (MEA) තුළ ආසන්න වශයෙන් බිලියනපතියන් 63ක් සිටින අතර, මෙම වසරේ එම ලැයිස්තුවට 9ක් එකතු වී ඇති බවයි.

අධ්‍යයනයකින් හෙළි වූයේ, 2023 අප්‍රේල් 6 දක්වා වූ මාස 12 ​ක අධ්‍යයන කාලය තුළ ගෝලීය වශයෙන් ප්‍රකෝටිපතියන්ගේ සංඛ්‍යාව 7% කින් ඉහළ ගොස් ඇති අතර එම කාලසීමාව අවසානයේ 2,376 සිට 2,544 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

Share.

Comments are closed.