මිජවුම් සුළි කුණාටුව ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් බවට මේ වනවිට වර්ධනය වී තිබේ. ඒත් සමග ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවකට මින් දැඩි බලපෑම් එල්ල වී ඇති බව සඳහන්. ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇත.

මෑත කාලයේ ඉන්දියාවට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙය බවට එරට කාලගුණ බලධාරීන් කියා සිටිති. මිජවුම් සුළි කුණාටුවෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ, ඉන්දියාවේ චෙන්නායි ප්‍රාන්තයටයි. චෙන්නායි ප්‍රාන්තයේ පාසල් සහ කාර්යාල මේ වනවිට තාවකාලිකව වසා දමා ඇති අතර චෙන්නායි ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු ද අත්හිටුවා ඇත.

තමිල්නාඩු ප්‍රාන්තයට දින 4ක නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් විණි. තම්බරම්, චිරාලා, විනුකොන්ඩා සහ කනිගිරි ආදී ප්‍රදේශවලින් මේ වනවිට ජනතාව ඉවත් කර ඇති අතර බොහෝ ප්‍රදේශවල ජල ගැලීම් වාර්තා වේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, බොහෝ ප්‍රදේශවලට තවදුරටත් තද වැසි ඇදහැළෙමින් පවතින අතර ඉදිරි දින කිහිපය තුළ එය ක්‍රමයෙන් පහව යනු ඇති බවයි.

Share.

Comments are closed.