රන් මිල ඉහළ යාමත් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රන් සාප්පු වල විකුණුම් විශාල ලෙස ඉහළ ගොස් ඇත. සිල්ලර වෙළෙදුන් කියා සිටින්නේ ඉහළ යන මිල ගණන්, සංචාරකයින්ගේ ගලා ඒම සහ ආකර්ෂණීය දීමනා ඇතුළු විවිධ හේතු මත මිලදී ගැනීම් සඳහා වැඩි පෙළඹවීමක් ඇති කර ඇති බවයි. එහිදී රන් අවුන්සයක් ඩොලර් 2,075 දක්වා ඉහල ගොස් තිබේ. ක්ශේත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ මෙම අලෙවි මට්ටම වැඩිවීම මගින් අනාගතයේ දී මීට වඩා ඉහළ මිලක් අපේක්ෂා කල හැකි බවයි.

මේ අනුව ආයෝජකයින් සහ පාරිභෝගිකයින් හිතකර වෙළඳපල තත්ත්වයන් ප්‍රයෝජනයට ගනිමින් රත්‍රන් වැඩි වශයෙන් මිලට ගැනීමට පෙළඹී සිටිති.

ඩුබායි රජය (ආර්ථික සංවර්ධන දෙපාර්තමේන්තුව) ඩුබායි හි යාවත්කාලීන වූ සිල්ලර රන් මිල ප්‍රදර්ශනය කරන එළිමහන් සලකුණු තබා ඇත. ඒවා Gold souk වැනි ප්‍රමුඛ රන් වෙළඳාම් ස්ථානවල පිහිටා ඇත. බලධාරීන් රත්‍රන් මිල විනිවිදභාවයෙන් යුතුව ප්‍රවර්ධනය කිරීමට උනන්දු වන අතර ඩුබායි නගරය හඳුන්වන “රන් නගරය” යන විරුදාවලියෙහි තත්ත්වය රඳවා තබා ගැනීමට කටයුතු කරති.

දෙසැම්බර් 06 වන බදාදා ඩුබායි හි සිල්ලර රත්‍රන් මිල දර්ශකයේ 24k – 245.75 AED, 22k – 227.50 AED, 21 k – 220.25 AED, 18k – 188.75 AED  ලෙස දැක් විය.

Share.

Comments are closed.