එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් කැඳවා ගාසා තීරය සම්බන්ධව සාකච්ඡා කිරීමට කටයුතු කර ඇත. ඔහුගේ විශේෂ බලතල භාවිත කරමින් මෙම රැස්වීම කැඳවා තිබේ. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 99 වැනි වගන්තියට අනුව ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් ලෙස මහ ලේකම්වරයා සලකන ඕනෑම කරුණක් සඳහා ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවීමට ඔහුට බලය හිමිවේ.

ගාසා තීරයේ ජනතාවට සටන් විරාමයක් හෝ යම් සහනයක් ලබා ගැනීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දරණ උත්සාහය මින් පෙනී යන බව විදේශ මාධ්‍ය වාර්තා කලේය. 2017 වසරේදී ඇන්ටෝනියෝ ගුටරෙස් මහ ලේකම්වරයා ලෙස පත්වූ පසු මෙම බලය භාවිත කළ පළමු අවස්ථාව මෙයයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මීට පෙර අවස්ථා හතරකදී රැස්වී ඊශ්‍රායල – හමාස් ගැටුම් සම්බන්ධයෙන් සාකච්ඡා කල අතර මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු වන අමෙරිකාවේ දැඩි විරෝධය සහ නිශේධ බලය භාවිත කිරීම හේතුවෙන් ඔවුන්ට යෝජනාවක් සම්මත කිරීමට හැකිවුණේ නැත.

ඊශ්‍රායලයේ අඛණ්ඩ ප්‍රහාර හමුවේ ගාසා තීරයේ වැසියන් මේ වනවිට මුහුණ දෙන්නේ දැඩි මානුෂීය අර්බුදයකටයි. ගැටුම් නිසා මියගොස් ඇති ගාසා වැසියන් සංඛ්‍යාව 16,000කට අධික බව සඳහන් වේ.

Share.

Comments are closed.