එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතිය​ට (COP28) සත්කාරකත්වය දැක්වීමට සමගාමීව, ඩුබායි මහ නගර සභාව සහ ඩුබායි විදුලි හා ජල අධිකාරිය (DEWA) කසල නිස්සාරණයෙන් උපදවන ජීව වායු මගින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතියක් සඳහා ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙය ඩුබායි හි ප්‍රමුඛ තිරසාර පිළිවෙත්වලට සහය දැක්වීමක් ස​හ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශුද්ධ ශුන්‍ය උපායමාර්ගය 2050 සාක්ෂාත් කර ගැනීමට සහාය වේ.

DEWA හි කළමණාකාර අධ්‍යක්ෂ​ක සහ ප්‍රධාන විධායක නිලධාරී අතිගරු සයීඩ් මොහොමඩ් අල් තයර් සහ ඩුබායි මහ නගර සභාවේ අධ්‍යක්ෂ ජනරාල්‍, ඉංජිනේරු ඩාවුඩ් අල් හජ්රි විසින්, ඩුබායි හි එක්ස්පෝ සිටි හි COP28 – හරිත කලාපයේ ඩුබායි විදුලි හා ජල අධිකාරි මණ්ඩපයේදී ගිවිසුමට අත්සන් කරන ලදී.

ඩුබායි විදුලිබල හා ජල අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී අතිගරු සයීඩ් මොහොමඩ් අල් ​තයර් මෙසේ පැවසීය “එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායි හි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ දැක්මට අනුකූලව, තිරසාර සංවර්ධනයක් ප්‍රවර්ධනය කිරීමටත්‍, පිරිසිදු හා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මත විශ්වාසය වැඩි දියුණු කිරීමට සහ ඉලක්ක සපුරා ගැනීම සඳහා ලෝකයේ විශාලතම දේශගුණික සමුළුව (COP28)  මගින්, අපි ඩුබායි පිරිසිදු බලශක්ති උපායමාර්ගය 2050 සහ ඩුබායි ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන උපායමාර්ගය 2050 හි දක්වා ඇති අරමුණු සාක්ෂාත් කර ගැනීමට කැපවී සිටිමු”

අපගේ අරමුණ 2050 වන විට 100% පිරිසිදු ප්‍රභවයන්ගෙන් බලශක්ති නිෂ්පාදනය සාක්ෂාත් කර ගැනීමයි. මීට අමතරව, අපද්‍රව්‍ය කළමනාකරණය, ප්‍රතිචක්‍රීකරණය සහ බලශක්ති පරිවර්තනයේ නව්‍යකරණයන් පෝෂණය කරමින් ඒකාබද්ධ අපද්‍රව්‍ය කළමනාකරණ උපාය මාර්ග 2021-2041 ක්‍රියාවට නැංවීමට අපි ක්‍රියාකාරීව දායක වන්නෙමු.

තවද, රජයේ න්‍යාය පත්‍රයේ නිශ්චිත ඉලක්කවලට අනුකූලව පාරිසරික අභියෝගවලට ප්‍රායෝගික විසඳුම් ලබා දෙමින් ඉදිරි දශක දෙක තුළ පෙරළිකාර, දිගුකාලීන පිරිසිදු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපි කැපවී සිටිමු.

ඩාවුඩ් අල් හජ්රි අවධාරණය කළේ ඩුබායි මහ නගර සභාව ගොඩනගන හවුල්කාරිත්වය වඩාත් තිරසාර, පුරෝගාමී සහ ජීවත්විය හැකි නගරයක් ගොඩනැගීමේ අභිලාෂය සමඟ සමපාත වන බවයි.

“UAE, COP28 සත්කාරකත්වයට සමගාමීව, DEWA සමඟ ඇති මෙම උපායමාර්ගික ගිවිසුම මගින් ඩුබායි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිරිසිදු බලශක්ති මෙන්ම හරිත ආර්ථිකයේ වර්ධනය වන හැකියාවන් පිළිබිඹු කරයි. මෙම ගිවිසුම අපද්‍රව්‍ය කළමනාකරණය, ප්‍රතිචක්‍රීකරණය වැඩි දියුණු කිරීම සහ අපද්‍රව්‍යවල පාරිසරික බලපෑම අවම කිරීම සඳහා නව්‍ය විසඳුම් සංවර්ධනය කිරීමේ අපගේ සැලසුම්වලට අනුකූල වේ. එය වාර්ෂිකව කාබන් විමෝචනය ටොන් 300,000 ක් පමණ අඩු කිරීමටද දායක වනු ඇත. මෙම ව්‍යාපෘතිය මගින් ඩුබායි හි ජීවත්වීමට සහ වැඩ කිරීමට කැමති ගෝලීය ගමනාන්තයක් ලෙස තහවුරු කරනු ඇති අතර රටේ ශුද්ධ ශුන්‍ය උපායමාර්ගික මුලපිරීම සඳහා සහාය වනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.

Share.

Comments are closed.