WhatsApp, voice messages සඳහා “View Once” විශේෂාංගයක් පරීක්ෂා කරයි. යෙදුමේ බීටා අනුවාදය භාවිතා කරන Android සහ iOS භාවිතා කරන්නන් සඳහා මෙම විශේෂාංගය දැනට පරීක්ෂා කෙරේ.

WhatsApp නිවේදනය කළේ පරිශීලකයාට දැන් සවන් දුන් පසු අතුරුදහන් වන හඬ පණිවිඩයක් යැවිය හැකි බවයි. එයින් පණිවිඩවලට තවත් රහස්‍යතාවයක් එක් කිරීම මගින් එහි ආරක්ෂිත බව වැඩි කරයි.

මෙම voice messages ලබන්නාට එය export කිරීම, forward කිරී​ම, save කිරී​ම හෝ record කිරීම වැලැක්වීමෙන් පුද්ගලිකත්වය වැඩි දියුණු කරයි. ” View Once ” පණිවිඩ ලබන්නා එයට සවන් දුන් පසු අතුරුදහන් වනු ඇත.

WhatsApp වැඩිදුරටත් නිවේදන ක​ලේ සියලු පුද්ගලික පණිවිඩ මෙන්ම, නව විශේෂාංගය​ද දෙඅන්ත සංකේතනය මගින් හඬ පණිවිඩ ආරක්ෂා කරන බවත්, View Once යනු WhatsAppහි අඛණ්ඩ පෞද්ගලිකත්ව නවෝත්පාදනයේ තවත් උදාහරණයක් පමණක් ව​න බවයි.

” View Once” හඬ පණිවිඩ ඉදිරි දිනවලදී ගෝලීය වශයෙන් නිකුත් වේ.

Share.

Comments are closed.