Emaar දේපල සමාගම විසින් ඩුබායි හි පළමු 3D මුද්‍රිත නිවාස, අරාබි රැන්චස් III හිදී එළිදක්වා ඇති අතර, සම්ප්‍රදායික නොවන නේවාසික සැලසුම් තාක්ෂණයේ විභවය ඉන් හෙලිකොට ඇත.
සංකීර්ණ වක්‍ර බිත්ති සහ විස්තීරණ ජනේල, සම්මත ගොඩනැඟිලි ඉදිකිරීම් ක්‍රමවලින් කළ නොහැකි වාස්තු විද්‍යාත්මක අභියෝගයන් නව නිෂ්පාදනයට ඉඩ දෙන ආකාරය එහිදී පෙන්වයි.
ගොඩනැගිල්ල නිමාවීමෙන් පසු මෙම ව්‍යාපෘතියේ අලංකාරය සහ මනා නිමාව දැකීමට සතුටු වන බවත් BOD2 මුද්‍රණ යන්ත්‍රවලින් මෙම ව්‍යාපෘතිය ගොඩනගා අවසන්වන තෙක් 2019 සිට අපේක්ෂා සහගතව බලා සිටි බවත් COBOD හි නිර්මාතෘ සහ සාමාන්‍යාධිකාරී හෙන්රික් ලුන්ඩ්-නීල්සන් පැවසීය. “අප විසින් නිෂ්පාදනය කරන ලද නිවාස පිළිබඳව අතිශයින් ආඩම්බර වෙමු. මෙම ව්‍යාපෘතිය නිවසක් නිර්මාණය කිරීම පමණක් නොවේ. එය ඉදිකිරීම් වල අනාගතය හැඩගැස්වීමකි” ඔහු වැඩිදුරටත් පැවසීය.
වසර ගණනාවකට පෙර නිම කරන ලද නමුත් මේ දක්වා මහජන දර්ශනයෙන් වසන් කර ඇති මෙම හෙළිදරව්ව නරඹන්නන්ට ත්‍රිමාණ කොන්ක්‍රීට් මුද්‍රණයේ වර්තමාන තත්ත්වය තක්සේරු කිරීමට සහ නේවාසික නිශ්චල දේපල විශාල වශයෙන් සම්මත කර ගැනීම සඳහා එහි ශක්‍යතාව මැන බැලීමට දුර්ලභ අවස්ථාවක් සපයයි. 2030 වන විට ඩුබායිහි ඉදිකිරීම් වලින් හතරෙන් එකක් 3D මුද්‍රණය මාර්ගයෙන් නිර්මාණය කිරීමට අපේක්ෂා කරයි.
සාම්ප්‍රදායික ගොඩනැගිල්ලට සාපේක්ෂව එහි දිගුකාලීන පිරිවැය සහ ඵලදායීතාවය පිළිබඳ ගැටළු පවතින අතර, ත්‍රිමාණ මුද්‍රණය ගෘහ නිර්මාණ ශිල්පයට වඩාත් නිරවද්‍ය, ඩිජිටල් ලෙස සැලසුම් කළ ප්‍රවේශයක් ලබා දීමෙන් ඉදිකිරීම් අපද්‍රව්‍ය සහ කාබන් විමෝචනය අඩු කිරීමේ හැකියාව තුළින් පාරිසරික ප්රතිලාභ ලබා දෙයි.