ගතවූ පැය 24 තුළ ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි ලෙස ඉහළ ගොස් තිබේ. ප්‍රහාර සඳහා ප්‍රධාන වශයෙන් ඉලක්ක වී ඇත්තේ ගාසා තීරයේ දකුණු ප්‍රදේශ සහ කාන් යූනිස් නගරයයි. මේ හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන් රෆා පිවිසුම දක්වා පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

ගැටුම් අතරතුර ඊයේ දිනයේදී හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයින් දෙදෙනෙකුද මියගොස් ඇති අතර ඊශ්‍රායල රජයේ අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකුද උතුරු ගාසා තීරයේදී හමාස් සටන්කාමීන් විසින් ඝාතනය කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ ය. මේ අතර, ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා සඳහන් කළේ ගාසා තීරයේ සියලුම වැසියන් දරුණු ආහාර අර්බුධයකටද මුහුණ දී ඇති බවයි.

ඊශ්‍රායල-හමාස් ගැටුම් හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති පුද්ගලයින් ගණන 17,200 ඉක්මවා තිබේ.

Share.

Comments are closed.