රැහැන් රහිත තාක්ෂණය සහ රැහැන් රහිත සංවේදනය පිළිබඳ විශේෂඥයෙකු වන මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ලෙබනන් ජාතික මහාචාර්යවරයෙකු වන මහාචාර්ය Fadil Adib විසින් “Great Arab Minds”  සම්මානය හිමි කර ගෙන ඇත. ඔහු මෙම සම්මානයේ දෙවෙනි ප්‍රතිලාභියා වේ. MIT හි සහකාර මහාචාර්යෙකු වන Fadil Adib, රැහැන් රහිත සංවේදන තාක්‍ෂණයේ හැකියාවන් සැලකිය යුතු ලෙස පුළුල් කර ඇති ඔහුගේ පර්යේෂණ සහ නව නිපැයුම් සඳහා 2023 වසරේ ඉංජිනේරු සහ තාක්‍ෂණය පිළිබඳ සම්මානය දිනා ගත් බව නිවේදනයෙන් සඳහන් කර තිබිණි.

මෙම සම්මානය දිනා ගැනීම සහ අරාබි ලෝකයේ ඔහුගේ ජයග්‍රහණ සඳහා පිළිගැනීමක් ලැබීමට  හැකි වීම පිළිබඳ තමා සතුටට පත් වූ බව මහාචාර්ය Adib පැවසීය. එක් අතකින් මෙය ගෞරවයක් වන අතර, අනෙක් අතට තරුණ පරම්පරාවන් අපේක්ෂා කරන සහ ආස්වාදයක් ලබන කෙනෙකු ලෙස මෙම සම්මානය පිලිබද නිහතමානීව සලකන බවද ඔහු කියා සිටියේය. 34 හැවිරිදි මෙම තරුණ මහාචාර්යවරයා ට්‍රිපොලි හි හැදී වැඩී ඇත. ඉංජිනේරු සහ තාක්‍ෂණ ක්ශේත්‍රයේ ජයග්‍රහණවලට අමතරව, මහාචාර්ය ෆාදෙල් ඇඩිබ් සාගර ගවේෂණ ක්ෂේත්‍රයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති ඇත. සාගර තරංග වලින් ශක්තිය උපයෝගි කර ගන්නා බැටරි රහිත උපාංග සංවර්ධනය කරමින් ගැඹුරු මුහුදේ ගවේෂණ කටයුතු ඉදිරියට ගෙන යාමට ඔහු මේ යටතේ කටයුතු කරයි. සමාජ මාධ්‍ය ඔස්සේ සම්මානය පිලිබද ප්‍රකාශයට පත් කළ ඩුබායි හි උප ජනාධිපති සහ පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ්, මහාචාර්ය ආදිබ්ට සුබ පැතුම් එක් කළ අතර අද දක්වා ඔහු සිදු කළ කාර්යයට ප්‍රශංසා කළේය.

Share.

Comments are closed.