එමිරේට්ස් ඩුබායි 7s රග්බි තරඟාවලියේ ජාත්‍යන්තර විවෘත පිරිමි පලිහ ශූරතා අංශයෙන් ශ්‍රී ලයන්ස් රග්බි කණ්ඩායම ශූරතාව දිනා ගැනීමට සමත් විය. මෙම තරඟාවලිය පසුගියදා සෙවන්ස් ස්ටේඩියම් හි දී පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලයන්ස් කණ්ඩායම ප්‍රංශ, ස්පාඤ්ඤ හා දකුණු අප්‍රිකානු කණ්ඩායම් සමඟ තරඟ වැදුන අතර  ප්‍රංශ කණ්ඩායම සමඟ කල තරඟයෙන් ජය හිමිකරගත්හ. අවසන් මහා තරඟය මුරුසි කණ්ඩායම සමඟ පැවැත් විණි. එහිදී මුරුසි පිල පරදා ශ්‍රී ලයන්ස් පිල විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කර ගත්හ.

ශ්‍රී ලයන්ස් කණ්ඩායමට ඇතුලත් ෆීජී , දකුණු අප්‍රිකා හා කෙන්යානු ජාතික ක්‍රීඩකයින් කැපී පෙනෙන  දක්ෂතා ඉදිරිපත් කල බව සඳහන් වේ. ශ්‍රී ලයන්ස් කණ්ඩායමේ නායක ලෙස දකුණු අප්‍රිකා රග්බි කණ්ඩායමේ හිටපු නායක බ්‍රැන්කෝ ඩුෆ්‍රියා හා කෙන්යානු ජාතික ඔස්කා උප නායක ලෙස කටයුතු කලේය. කණ්ඩායම් පුහුණුකරු ලෙස Fiji ඔලිම්පික් තරඟය ජයග්‍රහණය කල රග්බි කණ්ඩායමේ නායක ඔස්කා කොලිනි සාවෝ කටයුතු කල බව සඳහන්ය.

පසුගිය වසරේ ශ්‍රී ලයන්ස් රග්බි කණ්ඩායම් ලෙස ශ්‍රීනාත් සූරියබණ්ඩාර ක්‍රීඩා කල අතර මේ වසරේදී ඔහුට මෙම තරඟාවලියට සහභාගී වීමට හැකි වුනේ නැත. මීට අමතරව පැවති අනෙකුත් තරඟ කාණ්ඩ වන Gulf men’s open cup ඉසව්වෙන් ලන්කන් ලයන්ස් කණ්ඩායම වසර තුනක් පිට පිට ජයග්‍රහණය හිමි කර ගැනීම විශේෂත්වයක් වේ. Gulf Social open cup ඉසව්වෙන් ලන්කන් ලයන්ස් දෙවන කණ්ඩායම අනු ශූරතාවයද ,gulf social open plate තරඟ ඉසව්වෙන් ඩුබායි ලයන්ස් කණ්ඩායමද අනු ශූරතාවය දිනා ගත්හ. රාජකීය විදුහල විසින් ප්‍රථම වරට මෙම තරඟාවලියට කණ්ඩායමක් සහභාගි කරවීමද කැපී පෙනුණ අවස්ථාවක් ලෙස සඳහන් කල හැක.

Share.

Comments are closed.