එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි 52 වන ජාතික දිනය සැමරීමේදී ආරක්ෂක රෙගුලාසි සහ මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් යතුරුපැදි ඇතුළු වාහන 94 ක් ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි පොලිසියේ රථවාහන අංශයේ සාමාන්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සයිෆ් මුහයිර් අල් මස්රූයි වාර්තා කළේ, අල් රුවයියා, ජුමෙයිරා සහ ඇතැම් නේවාසික ප්‍රදේශවල උල්ලංඝනය කිරීම් සිදු වූ බවයි. “වැරදිකරුවන් නොසැලකිලිමත් ලෙස රිය පැදවීම, මාර්ගවල වික්‍රමාන්විත ක්‍රියාවල යෙදී​ම, කලබල ඇති කිරීම, අනවසර පෙළපාළි සහ රැස්වීම් පැවැත්වී​ම, මාර්ග නීතිවලට අනුකූල නොවීම සහ පොලිස් උපදෙස් වලට අවනත නොවීම යන උල්ලංඝනය කිරීම් වල නිරත වී ඇත” යනුවෙන් ඔහු පැවසීය.

මේජර් ජෙනරාල් අල් මස්රූයි වැඩිදුරටත් සඳහන් කළේ, ඇතැම් රියදුරන් අභ්‍යන්තර සහ බාහිර මාර්ග දෙකෙහිම අනතුරුදායක ක්‍රියාවන් සිදු කළ බවත් සමහරුන් අන් අය​ගේ ගමනාගමනයට බාධා කිරීම්, වාහන වලට අධික ශබ්දය ඇති කරන උපකරණ සවිකොට තිබී​ම, බලපත්‍ර රහිත​ව එන්ජින් වෙනස් කිරීම් සහ දෘශ්‍යතාවට බාධා කරන එකතු කිරීම් සහිත වාහන පැදවී​ම වැනි උල්ලංඝනයන් සිදුකොට තිබූ බවයි.

මේ අතර කාන්තාර ප්‍රදේ​ශවල සමහර රියදුරන් විසින් ඇති කරන ලද බාධා කිරීම්, නොසැලකිලිමත් ලෙස අනතුරුදායක ක්‍රියාවන්වල යෙදීම සහ සීමාව ඉක්මවූ හඬකින් සංගීතය වාදනය කරමින් සිදුකල උල්ලංඝනයන් පළිබඳවද ඔහු සඳහන් කළේය

වාහන සහ යතුරුපැදි 94 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරුදායක නීති කඩ කිරීම් 4420 ක් වාර්තා කර ඇති බව​ද ඔහු අවධාරණය කළේය. “වැරදිකරුවන්ට ඩිරාම් 50,000 දක්වා දඩ මුදලක්ද, වාහන රාජසන්තක කිරීම ඇතුළු දැඩි දඬුවම්වලට මුහුණ දීමට​ද සිදුවේ”

මේජර් ජෙනරාල් අල් මස්රූයි දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ තම තරුණ දරුවන්​ගේ රිය පැදවීම් සහ හැසිරීම් නිරීක්ෂණය කරන ලෙසත් ඔවුන් නොසැලකිලිමත් හා භයානක ක්‍රියාවලින් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනා ලෙසත්​ය. තරුණයින් අතර ධනාත්මක හැසිරීම් වර්ධනය කිරීම සහ බරපතල රථවාහන අනතුරු, මරණ සහ දරුණු තුවාල අවම කිරීම සඳහා දෙමාපියන්ගේ උපදෙස් සහ මග පෙන්වීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.

සිදුකරන ලද ප්‍රධාන උල්ලංඝනයන්:

  • අවසරලත් සීමාව ඉක්මවා මගීන් ​පටවාගෙන යා​ම
  • වාහනයේ ගමන්ගන්නා පුද්ගලයන්ගේ ශරීර ජනෙල්වලින් සහ හිරු ආවරණවලින් පිටතට නිරාවරනය වී​ම.
  • party spray භාවිතා කිරීම.
  • බලපත්‍ර තහඩු අපැහැදිලි වීම.
  • වාහනයේ වර්ණය වෙනස් කිරීම.
  • ඉදිරිපස කවුළු වර්ණ ගැන්වීම හෝ අඳුරු කිරීම.
Share.

Comments are closed.