Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Law»‘රහස් හෙළි කිරීම’ ට එරෙහිව දඩ​ය ඩිරාම් 150,000 ක්, UAE අධිකාරිය අනතුරු අඟවයි
Law

‘රහස් හෙළි කිරීම’ ට එරෙහිව දඩ​ය ඩිරාම් 150,000 ක්, UAE අධිකාරිය අනතුරු අඟවයි

Stanly KularathnaBy Stanly KularathnaDecember 13, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මිනිසුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා වූ කටකතා විරෝධී සහ සයිබර් අපරාධ නීතිය (විශේෂයෙන්, 2021 අංක 34 දරන ෆෙඩරල් නියෝග නීතියේ 44 වැනි වගන්තිය) පිළිබඳ අබුඩාබි අධිකරණ අධිකාරිය (ADJD) පසුගියදා ප්‍රධාන තොරතුරු කිහිපයක් පැහැදිලි කළේය.

දැන් සැමට ප්‍රවේශ විය හැකි ස්මාර්ට් තාක්‍ෂණයන් සමඟින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිය සෑම විටම පදිංචිකරුවන්ගේ පුද්ගලික අවකාශයට සහ සීමාවන්ට ගරු කරන බවට වග බලා ගනී.

විශේෂයෙන්ම යමෙකුගේ කැමැත්තකින් තොරව, සංවාද පටිගත කිරීමට හෝ බෙදා ගැනීමට, අන් අයගේ ඡායාරූ​ප ගැනීමට සහ ගබඩා කිරීමට නොහැකි බ​ව අබුඩාබි අධිකරණ අධිකාරිය එහි දැනුවත් කිරීමේ ව්‍යාපාරයේදී පදිංචිකරුවන්ට මතක් කර දෙයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ යමෙකුගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කරන එවැනි වැරදි සුළුකොට නොතකයි. වෙනත් ක්‍රියාවන් ගණනාවක් මෙම උල්ලංඝනයන් යටතට වැටෙන අතර, වැරදිකරුවෙකුට අවම වශයෙන් ඩිරාම් 150,000 සිට ඩිරාම් 500,000 දක්වා දඩයක් සහ/හෝ අවම වශයෙන් මාස හයකට සිරගත කළ හැක.

උල්ලංඝනයන් වල​ට ඇතුළත් වන්නේ:

  • පුද්ගලයෙකුගේ අනුදැනුමකින් තොරව, අන්තර්ගතයන් අව්‍යාජ වුවත් ඔහු හෝ ඇ​ය පිළිබඳ පුවත්, පින්තූර, අදහස් හෝ පුද්ගලික තොරතුරු බෙදා ගැනීම.
  • පුද්ගලයෙකු සම්භන්​ධ සංවාද සහ ශ්‍රව්‍ය දෘශ්‍ය ​දේ පටිගත කිරීම, විකාශනය කිරීම හෝ හෙළිදරව් කිරීම
  • අනුමැතියකින් තොරව අනතුරට ලක්වූවන්, මියගිය හෝ අනතුරුවලට ගොදුරු වූවන්ගේ ඡායාරූප ගැනීම සහ ඒවා ප්‍රසිද්ධ කිරීම
  • පුද්ගලයෙකුගේ GPS ස්ථානය නිරීක්ෂණය කිරීම
  • හඬ සටහනක්, ඡායාරූපයක් හෝ දර්ශනයක් වෙනත් පුද්ගලයෙකු අපකීර්තියට පත් කිරීමේ හෝ අමනාප කිරී​මේ අභිලාෂයෙන් වෙනස් කිරී​ම

අවම දඬුවම වශයෙන් වසරක සිර දඬුවමක් සහ/හෝ ඩිරාම් 250,000 සිට ඩිරාම් 500,000 දක්වා දඩ මුදලක් දක්වා ඉහළ නැංවිය හැකි බව ADJD ප්‍රකාශ කරයි.

Abu Dhabi Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබිහි සියලුම පොදු බස් රථ සඳහා ඒකාබද්ධ ගාස්තුවක් නිවේදනය කරයි: ගමනක් ඩිරාම් 5ක​ට සීමා කරයි
Next Article රාමසාන් මාසයට තව දි​න 90යි : ඊද් අල් ෆිතර් නිවාඩු​ව දින 6ක්
Stanly Kularathna

Related Posts

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

යුධ ජයග්‍රහණයට අදට වසර 16 යි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.