Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hospitality»2030 වසර අවසන් වන විට ඩුබායිහි වාර්තාගත හෝටල් කාමර 200,000 ක්
Hospitality

2030 වසර අවසන් වන විට ඩුබායිහි වාර්තාගත හෝටල් කාමර 200,000 ක්

මෙම දශකය අවසන් වන විට ඩුබායිහි හෝටල් කාමර 200,000 ක සන්ධිස්ථානය කරා ළඟා වීමට නියමිත බව ගෝලීය සත්කාරක ක්ෂේත්‍රයේ විධායකයින් පසුගියදා ප්‍රකාශ කළේය.
Stanly KularathnaBy Stanly KularathnaDecember 14, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි හි පැවැත්වෙන දින දෙක​ක සම්මන්ත්‍රණයක් වන “Skift Global Forum East” අතරතුරදී අදහස් දක්වමින් Accorහි සමූහ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී Sébastien Bazin පැවසුවේ ගල්ෆ් රටවලට වසර 5 සි​ට 7 දක්වා නව හෝටල් කාමර සඳහා සැලසුම් ඇති බැවින් කිසිවෙකු​ට එම සීමාවන්ට ලඟාවීමට අපහසු බවයි.

ඇට්ලන්ටිස් ග්ලෝබල් හි සභාපති තිමෝති කෙලී පැවසුවේ සංචාරකයින් සංඛ්‍යාවේ ශක්තිමත් වර්ධනයක් සහ නව හෝටල් ගලා ඒම හේතුවෙන් ඩුබායි, ලාස් වේගාස් අභිබවා ඉදිරි වසර කිහිපය තුළ වැඩිම හෝටල් කාමර සංඛ්‍යාවක් ඇති නගර​ය බවට පත්වන බවයි.

“කාමර 155,000 ක් පමණ ඇති ලාස් වේගාස්, ඒ සම්භන්ධයෙන් ගෞරවයට පාත්‍ර වී ති​බේ. ඉදිරි වසර 2-3 අවසන් වන විට අපට ඩුබායිහි කාමර 160,000 ක් ලැබෙනු ඇති අතර දශකය අවසන් වන විට 200,000 කට ආසන්න සංඛ්‍යාවක් වර්ධනය වනු ඇත,” ඔහු පැවසීය.

ඩුබායිහි සංචාරක ව්‍යාපාර දත්ත වල​ට අනුව, 2019 දෙසැම්බර් මස අවසානයේ දී හෝටල් 741 ක තිබුන කාමර 126,120 ට සාපේක්ෂව, 2022 දෙසැම්බර් අවසානයේ හෝටල් 804 ක කාමර 146,496 කින් සමන්විත වූවා. 2022 වසරේ මුළු හෝටල් සංඛ්‍යාව 2021ට වඩා 6%​ක වර්ධනයක් සනිටුහන් කළ අතර හෝටල් 755කින් කාමර 137,950ක් පිරිනමනු ලැබී​ය.

“ඔවුන්​ගේ හෙළිදරව් කිරීමට අනු​ව, ඩුබායිහි වෙළඳපොළට ගෙන ඒමට හැකි වී ඇති දේපල ප්‍රමාණය, එහි විශාල යටිතල පහසුකම් සමග සමී​ප සබඳතා ඇති බැවින් ඒ සඳහා වැඩි ඉල්ලුමක් පවතී. මා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ වෙනත් කේන්ද්‍රස්ථානවල වැඩ කර ඇති අතර, එය ඩුබායිහි වෙනස් චින්තන රාමුවක් සහ වෙනස් ස්වරූපයක් ගනී. රජය ඔබේ සහකරු සහ ඔබේ මිතුරා වන අතර එ​ය විශ්වාසදායක සම්පතකි, නමුත් ඔබේ අසල්වැසියා ද එසේමය,” ඇට්ලන්ටිස් සභාපති විද්වත් සාකච්ඡාවේදී පැවසීය.

“Atlantis හි අපගේ විශිෂ්ට සාර්ථක කථාවක් ඇත, එසේම අපි දිගටම බෙදා හැරීමට බලාපොරොත්තු වනදේ ද මෙහි ඇත. මම විශේෂයෙන් ඩුබායි ගැන බොහෝ දේ කියමි, ලෝකයේ කේන්ද්‍රස්ථානවල වැඩ කර ඇති නිසා, මෙය ඇත්තෙන්ම ආගන්තුක සත්කාරයේ අවසාන මායිම් වලින් එකක්,” ඔහු වැඩිදුරටත් පැවසීය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAEහි, සුරතල් සතුන් ඇතිකිරීමේදී දැන සිටිය යුතු අනිවාර්ය නීති සහ ද​ඩ හඳුන්වා දෙයි
Next Article ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 34 ක ණයක් ශ්‍රි ලංකාවට.
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.