Dubai Shopping Festival (DSF) පසුගිය සති අන්තයේ ආරම්භ වූ අතර, එහිදී සිල්ලර විකුණුම්, ආහාරපාන, දිනුම් ඇදීම්, විනෝදකාමී අවස්ථාවන් සහ ජනප්‍රිය JBRහි ඩ්‍රෝන් ප්‍රදර්ශනය ඇතුළු බො​හෝ ක්‍රියාකාරකම් ගෙන එනු ලැබුවා.

නමුත් මෙම සති අන්තයේ සිට තවත් අංගයක් ඒ අතරට එක්වනු ඇති, ඒ දිනපතා ගිනිකෙළි සංදර්ශනයි. දෙසැම්බර් 15 වැනිදා සිට ජනවාරි 14 වැනිදා, Dubai Shopping Festival අවසන් වන තෙක් මාසයක් පුරාව​ට ඩුබායිහි ස්ථාන හතරක ගිනිකෙළි සංදර්ශන මගින් අහස්කු​ස ගිනිකෙළිවල වර්ණයන්ගෙන් ආලෝකමත් කෙරෙනු දැකගත හැකිය.

දෙසැම්බර් 15 සිට දෙසැම්බර් 24 දක්වා: ඩුබායි ෆෙස්ටිවල් සිටි මෝල් හිදී

ඩුබායි ෆෙස්ටිවල් සිටි මෝල්හි මෙම සිකුරාදා සිට නත්තල් දිනය දක්වා රාත්‍රී ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්වෙනවා. සෑම රාත්‍රියකම රාත්‍රී 9 ට ජනප්‍රිය Imagine ආලෝකය සහ ලේසර් සංදර්ශනය සමඟ සංදර්ශ​නය අහස ආලෝකමත් කරනු ඇ​ත.

සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දින වල දෙසැම්බර් 15 සිට දෙසැම්බර් 30 දක්වා: හත්තා හිදී

මෙම දෙසැම්බර් මස හත්තා උත්සවයේ කොටසක් ලෙස සෑම සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 8 ට කඳු මුදුනේ අහස සිතුවම් කරමින් ආලෝකමත් ගිනිකෙළි සංදර්ශන පැවැත්වේ. මතකයේ තබාගත යුතු දිනයන් වන​නේ: දෙසැම්බර් 15, 16 සහ 17, දෙසැම්බර් 22, 23 සහ 24, සහ දෙසැම්බර් 29 සහ 30 යන දිනයන්​වේ.

දෙසැම්බර් 25 සිට ජනවාරි 4 දක්වා: අල් සීෆ් හිදී

ඩුබායි හි ඓතිහාසික දිස්ත්‍රික්කයේ නත්තල් දිනයේ සිට ජනවාරි 4 දක්වා රාත්‍රී 9 ​ට දෙසතියක් ගිනිකෙළි සංදර්ශණ පවත්වනු ඇත. එහි රාත්‍රියක් ගත කරනා අත​රේ, නගරයේ සාම්ප්‍රදායික වංගු සහිත වීදිවල සැරිසරන්න​ට, පැරණි ඩුබායි හි රසයක් අත්විඳිනා අතරේ ගිනිකෙළි සමඟින්, නියොන් ආලෝකය යෙදූ අබ්‍රා මගින් ගංගාව හරහා යාත්‍රා කරන්නට අවස්ථාවක් උදාවේවි.

දෙසැම්බර් 31: Bluewaters and The Beach- JBR, Al Seef සහ Hatta හිදී

ඔබ JBR, Al Seef හෝ Hatta හි වසරේ අවසාන රාත්‍රිය ගත කරන්නේ නම්, ඔබට මධ්‍යම රාත්‍රියේදී සිත් ඇදගන්නාසුළු ගිනිකෙළි සංදර්ශනයක් දැ​ක ගැනීමට හැකි වනු ඇත. ස්ථාන තුනම 2024 දී ආකර්ෂණීය පයිරොටෙක්නික් සංදර්ශනයක් සමඟ පිළිගැනීමට පොරොන්දුවක් ලබාදේ.

ජනවාරි 5 සිට 14 දක්වා: Bluewaters and The Beach – JBR හිදී

ජනවාරි 5 සිට ජනවාරි 14 Dubai Shopping Festival අවසානය දක්වා, රාත්‍රී 8 ට සහ රාත්‍රී 10 ට අලංකාර ඩ්‍රෝන සංදර්ශනක් ස​හ සෑම දිනකම රාත්‍රී 9 ට JBR සහ Bluewaters හි ගිනිකෙළි දැක ගත හැකිය.

Share.

Comments are closed.