කුවේටයේ පාලක ෂෙයික් නවාෆ් අල් අහමඩ් අල් සබා සෙනසුරාදා මියගිය අතර ඉන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යය දින තුනක ශෝක කාලයක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

 “දින තුනක ශෝක කාලයක් සහ රට තුළ ඇති සියලුම නිල දෙපාර්තමේන්තු සහ රටේ තානාපති කාර්යාල සහ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල ධජ​ය අඩකුඹු කිරීම” රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය මගින් පළ කරන ලද ප්‍රකාශයක් මගින් තහවුරු කොට තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියලුම මුස්ලිම් පල්ලිවල ඉරිදා දහවල් යාඥාවෙන් පසු ෂෙයික් නවාෆ් වෙනුවෙන් අවමංගල්‍ය යාඥාවන් සිදු කරන බව ජනාධිපති අධිකරණය නිවේදනය කළේය.

කුවේට් රාජකීය අධිකරණය සෙනසුරාදා, පෙර නායකයාගේ මරණය පිළිබඳ පුවත තහවුරු කළේය.

රාජ්‍ය රූපවාහිනිය සිය නිත්‍ය වැඩසටහන් නවතා මරණය ප්‍රකාශ කිරීමට පෙර ශුද්ධවූ කුරාණ​යේ වාක්‍ය විකාශනයකට මාරු විය.

නොවැම්බර් අගදී, “හදිසි සෞඛ්‍ය ගැටලුවක් හේතුවෙන්” ෂෙයික් නවාෆ් රෝහල් ගත කරන ලද නමුත් පසුව ඔහු ස්ථාවර තත්ත්වයේ පසුවන බව වාර්තා විය.

1937 දී උපත ලැබූ ෂෙයික් නවාෆ් අවුරුදු 86 දී අභාවප්‍රාප්ත විය. ෂෙයික් නවාෆ් 1921 සිට 1950 දක්වා කුවේටය පාලනය කළ ෂෙයික් අහමඩ් අල් ජබර් අල් සබාගේ පස්වන පුත්‍රයා විය.

කුවේට් පාලකයා​ගේ අභාවයෙන් පසු ඕමානය​ද, රාජ්‍ය​ හා පෞද්ගලික අංශය සඳහා දින 3 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කොට ති​බෙනවා.

ෂෙයික් මිෂාල් අල් අහමඩ් අල් ජාබර් අල් සබා

ෂෙයික් නවාෆ් අල් අහමඩ් අල් සබාගේ අභාවයෙන් අනතුරු​ව හදිසි කැබිනට් රැස්වීමකින් පසු, ෂෙයික් මිෂාල් අල් අහමඩ් අල් ජාබර් අල් සබා කුවේට් රාජ්‍යයේ නව පාලකවරයා ලෙස නම් කොට ඇ​ත.

Share.

Comments are closed.