SUV රථයක් සාජාහි මාර්ග බාධකයේ ගැටීමෙන් එමිරාති ජාතිකයින් තිදෙනෙකු මිය ගොස් එක් අයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය අධික වේගයෙන් ධාවනය වී ඇති බව පොලිසිය පවසයි.
පසුගිය සෙනසුරාදා සාජා හි එමිරේට්ස් පාරේ මෙම රිය අනතුර සිදුව තිබේ.

අංක 7 පාලම දෙසට වන්නට ඇති අල් සුබේර් උමං මාර්ගය ආසන්නයේ දී අනතුර සිදුව ඇති බව වැඩිදුරටත් පොලිසිය සඳහන් කරයි. හදිසි අනතුරු කණ්ඩායම් එම ස්ථානයට යවන විට පෙරවරු 7.17 ට අනතුර පිළිබඳ වාර්තාවක් ලැබුණු බව නිලධාරීහු පැවසූහ. SUV රථය මාර්ග බාධකයක වැදී වීදි ලාම්පුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.  එම ස්ථානයේදීම පුද්ගලයන් තිදෙනා මිය ගියහ. සිවුවැනි පුද්ගලයා බරපතළ තුවාල ලබා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ රථය අධික වේගයෙන් ධාවනය වී ඇති අතර එය හදිසියේ පෙරළී ගොස් ඇති බව එම ස්ථානය පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් තිබේ. සාජා පොලිසිය මියගිය අයගේ පවුල්වලට ශෝකය පළ කළ අතර රථවාහන නීති රීති පිළිපදින ලෙස සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටියේය. රිය පැදවීමේදී අවධානය වෙනතකට යොමු නොකරන ලෙසත්,  රියදුරන්ගෙන් ඔවුහු වැඩිදුරටත් ඉල්ලා ඇත.

Share.

Comments are closed.