බංග්ලාදේශය පළමු වරට වයස අවුරුදු 19න් පහළ ආසියානු ක්‍රිකට් කුසලානය දිනා ගෙන ඇත. ඒ, මෙවර තරගාවලියේ එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමග පැවැති අවසන් මහා තරගය ලකුණු 195කින් ජය ගනිමිනි.

ඩුබායිහිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය වෙනුවෙන් ආශික රහ්මාන් ලකුණු 129ක් රැස් කළේ ය. චෞදූර් රිස්වාන් ලකුණු 60කි. ඔවුන් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 282ක් රැස් කළේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එමීර් ක්‍රීඩකයින්ට පන්දුවාර 24යි පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 87ක් පමණි. මරූෆ් රිදා සහ රෝහනාත් බොර්සෝන් කඩුළු 3 බැගින් බිඳ දැමුවේය.

Share.

Comments are closed.

Exit mobile version