මෙවර සිය නත්තල් ආහාර වේල දිළිදු අය සමග ගන්නා බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඊයේ (19දා) සවස කොළඹ අගරදගුරු මැඳුරේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
අද රටේ පවතින ආර්ථික දුෂ්කරතා පිළිබඳව අදහස් දැක්වූ කාදිනල්තුමා මෙදා නත්තලෙන් අප ලබාදිය යුතු පණිවුඩය අහිංසක දිළිඳු පවුල්වලට උදව් උපකාර කිරීම යැයි ද සඳහන් කලේය.

නත්තල වෙනුවෙන් බොරු වියදම් නොකර අසරණ පවුල්වලට උදව් උපකාර කිරීම නත්තලෙන් දිය යුතු ආදර්ශය බවද කාදිනල්තුමාගේ අදහස් අතර විය. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පරීක්‍ෂණ වාර්තා ගැන ඇමැතිවරයා එක මතයක් ද ජනාධිපතිවරයා තව මතයක් ද දරන බවත් පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් පිළිබඳව කිසිදු විමර්ශනයක් තවමත් ක්‍රියාත්මක කර නොමැති බවත් උන්වහන්සේ දැඩි කණස්සල්ලෙන් යුතුව ප්‍රකාශ කලේය.

Share.

Comments are closed.