Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»2024 දී වැටුප් වැඩි කිරීමක්: සමීක්ෂණයකින් හෙලි​වේ
Uncategorized

2024 දී වැටුප් වැඩි කිරීමක්: සමීක්ෂණයකින් හෙලි​වේ

Stanly KularathnaBy Stanly KularathnaDecember 21, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, 2024 දී, තෙල් නොවන අංශවල සහ විශේෂයෙන්ම දේපල වෙළඳාම් අංශවල ශක්තිමත් ක්‍රියාකාරිත්වයේ පසුබිම මත වැටුප්, 4.5% කින් වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බව පසුගියදා නිකුත් කරන ලද නව වාර්තාවක සඳහන් වෙනවා.

Cooper Fitch විසින් පසුගියදා නිකුත් කරන ලද “Salary Guide UAE 2024” වාර්තාවට අනුව, 53%ක් වැනි බහුතරයක් ආයතන, ලබන වසරේ තම සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට අපේක්ෂා කරයි. ඉන් 39% ක්, 5%ක් දක්වා වැටුප් වැඩි කිරීමට සැලසුම් කරයි. සමීක්ෂණයට ලක්වූ ආයතන ​දහයකින් එකක් 6% – 9% දක්වාත්, ආයත​න 20 කින් එකක් 10% කින් හෝ ඊට වැඩි වැටුප් වැඩිවීමක් සඳහා සූදානම් වෙයි.

කෙසේ වෙතත්, සමාගම් වලින් 21% කට වඩා – 2024 දී වැටුප් අඩු කිරීමට අපේක්ෂා කරයි. ඉදිරි වසර තුළදී, 25%ක​ට වඩා වැඩි පිරිසකට තම සේවකයන්ගේ වැටුප් සංශෝධනය කිරීමට කිසිදු සැලසුමක් නොමැති බව Cooper Fitch වාර්තාව විසින් හෙලිකරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික වර්ධනය, පසුගිය වසරේ 7.9% ට සාපේක්ෂව වසරකට ආසන්න වශයෙන් 3% දක්වා මධ්‍යස්ථ වනු ඇත. තෙල් නොවන අංශ, දේපල වෙළඳාම්, සංචාර සහ සංචාරක ක්ෂේත්‍රයන් සහ ගුවන් සේවා අං​ශ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික වර්ධනයට දිගටම නායකත්වය දෙනු ඇත.

2023 වැටුප්

Cooper Fitch සමීක්ෂණයෙන් හෙළි වූයේ 2023 දී ආයතනවලින් 81% කට වඩා, සේවක වැටුප් වැඩි කිරී​ම හෝ කිසිදු වෙනසක් සිදු නොකළ බවයි. 54ක්% – 2023 දී වැටුප් ඉහළ නංවා ඇති අතර, එය UAEහි දක්ෂතා සඳහා තිරසාර ඉල්ලුම පිළිබිඹු කරයි.

සමාගම්වලින් ආසන්න වශයෙන් 8%ක් වැටුප් 10%කට වඩා වැඩි කර ඇති අතර, එයින් ඇඟවෙන්නේ ඇතැම් අංශ තුළ කුසලතා රඳවා තබා ගැනීම ප්‍රමුඛතාවයක් දී ඇති බවයි.

ප්‍රසාද දීමනා

සමීක්ෂණයෙන් හෙළි වූයේ සමාගම් වලින් 71% ක්, 2023 දී ඔවුන්ගේ ආයතනයන්හි මූල්‍ය කාර්ය සාධනය මත පදනම්ව වාර්ෂික ප්‍රසාද දීමනා ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

ප්‍රසාද දීමනා ලබාදීමට අදහස් කරන විශාලතම සමාගම් වලින් 35%ක්, මාසයක මූලික වැටුප ගෙවීමට අපේක්ෂා කරයි. 17%ක් ආසන්න වශයෙන් මාස දෙකක වැටුප් ගෙවී​මටත්, 12% ක් මාස තුනක වැටුප්, 4% ක් මාස හතර​ක වැටුප්, 1% ක් මාස පහක වැටුප් ගෙවී​මටත් අපේක්ෂා කරයි.

ගිණුම්කරණය, රසායන ද්‍රව්‍ය, පාරිභෝගික භාණ්ඩ, රෝහල් සහ සෞඛ්‍ය සේවා යන ක්ෂේත්‍රවල සේවය කරන සේවකයින්ට මාස හයක මූලික වැටුප් ප්‍රසාද දීමනා ලෙ​ස අපේක්ෂා කළ හැකි බව එම වාර්තා​වේ සඳහන් වේ.

ප්‍රසාද දීමනා ගෙවීමට අදහස් නොකරන සමාගම් ලෙ​ස මූල්‍ය සේවා, උපදේශන සහ තොරතුරු තාක්ෂණ කර්මාන්ත ඇතුලත් බව වාර්තාව සඳහන් කරයි.

“දක්‍ෂතා රඳවා තබා ගැනීම සඳහා, වැටුප් අඛණ්ඩව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන අතර, වාර්ෂික ප්‍රසාද දීමනා සහ දුරස්ථව වැඩ කිරීමේ හැකියාව වැනි ස්ථාවර වේතනයෙන් ඔබ්බට යන සාධක, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා වෙළඳපොලේ වැඩියෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි” යනුවෙන් Cooper Fitch හි රාජ්‍ය අංශයේ උපදේශන කළමනාකාර සහ ප්‍රධාන විධායක නිලධාරී ජැක් කබ්බාස් පැවසීය.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැනි නීති උල්ලංඝනයකදී ඩිරාම් මිලියන 5ක් දක්වා දඩයක්, ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්
Next Article මියන්මාර් සයිබර් ත්‍රස්තවාදී කණ්ඩායමේ සිර වුණු ලාංකික තරුණ සිරකරුවන් ගලවා ගැනීමට සාකච්ඡා.
Stanly Kularathna

Related Posts

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.