ලබන 25 වැනි දායින් පසුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරුවුම්හල් 238ම වැසී යාමට ඉඩ ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

සංස්ථාවට අයත් පිරවුම්හල් හිමියන්ට දැනට ලැබෙන කොමිස් මුදලින් සියයට තිස්පහක මාසික ගාස්තුවක් අලුතින් අය කර ගැනීමට සංස්ථාව තීරණය කර ඇතැයි එම සංගමය පෙන්වා දෙයි.
එම මුදලින් 25%  ක් 25 වනදාට පෙර ගෙවා නොදමන්නේ නම් එදින සිට සියලු ඉන්ධන හල්වලට තෙල් නිකුත් කිරීම නවතා දමන බවට ලිඛිතව දැනුම් දීම් කර ඇති බවත් ඔවුන් පෙන්වා දුනි.

මෙම තත්වය මත සිපෙට්කෝ රට පුරා සියළු ඉන්ධන පිරවුම්හල් වැසී යනු ඇති බවත් සංගමය තව දුරටත් කියා සිටියහ.

Share.

Comments are closed.