එක්සත් අරාබි එමීර් රාජ්‍යය, රටේ රාජ්‍ය අංශ​යේ සහ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

2024 ජනවාරි 1 වන සඳුදා, අලුත් අවුරුදු දිනයේ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා නිල වැටුප් සහිත නිවාඩු දිනයක් වන බව මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය (MoHRE) නිවේදනය කර තිබෙනවා.

මෙම තීරණය, 2024 සඳහා රාජ්‍ය අංශ​යේ සහ පෞද්ගලික අංශයේ අනුමත නිවාඩු දින සම්බන්ධ කැබිනට් මණ්ඩලයේ යෝජනාව සමග සමපාත වේ.

ෆෙඩරල් රාජ්‍ය ආයතන සඳහා ජනවාරි 1 වන සඳුදා අලුත් අවුරුදු දින​ය නිවාඩු දිනයක් ලෙස රජයේ මානව සම්පත් සඳහා වන ෆෙඩරල් අධිකාරිය (FAHR) විසින්​ද නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

දෙසැම්බර් 30 සහ 31 යන දින දෙක සතිඅන්ත​යේ දින දෙකක් බැවින් ජනවාරි පළමුවෙනි සඳුදා නිවාඩු දිනයත් සම​ග රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සේවකයන්ට අලුත් අවුරුද්ද සඳහා දින තුනක නිවාඩුවක් ලැබෙනු ඇති.

රජයේ මානව සම්පත් සඳහා වන ෆෙඩරල් අධිකාරිය (FAHR) විසින් පසුගියදා නිකුත් කරන ලද චක්‍රලේඛයක් සඳහන් කළේ ජනවාරි දෙවන අඟහරුවාදා නැවත වැඩ ආරම්භ කරන බවයි.

Share.

Comments are closed.