ජනලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2023 නොවැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව 2023 ඔක්තෝම්බර් මාසයේ දී 1.0% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 නොවැම්බර් මාසය සඳහා 2.8 % ක් දක්වා වැඩි වී ඇත.

2023 ඔක්තෝම්බර් මාසයේ දී -5.2 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ දී -2.2 % ක් දක්වා වැඩි වී තිබේ. එසේම ඔක්තෝම්බර් මාසයේ දී 6.3 % ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ද නොවැම්බර් මාසයේ දී 7.1 % ක් දක්වා වැඩි වී ඇතැයි සඳහන් වේ.

Share.

Comments are closed.

Exit mobile version