රෝහල් රැසක විකිරණ තාක්ෂණික උපකරණ ක්‍රියාවිරහිත වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසීය. කොළඹ ජාතික රෝහලේ MRI ස්කෑන් යන්ත්‍රයක් සහ හෘද කැතීටකරණ ඒකකය බිද වැටී ඇතැයි වාර්තා වේ.

මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකය සහ DSA යන්ත්‍රයක් මෙන්ම වකුගඩු වල ගල් කුඩුකරන යන්ත්‍රයක් බිද වැටී තිබේ.
මේ අතර හම්බන්තොට සහ කළුතර මහ රෝහල් වල සීටී ස්කෑන් යන්ත්‍ර තවමත් අක්‍රීය මට්ටමේ පවතින බව සඳහන්.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ XRAY යන්ත්‍රය ද මාස 06ක සිට අක්‍රියව පවතින බව පැවසීය.
ඒ හේතුවෙන් රෝගී ජනතාව සහ සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලය දැඩි පීඩාවට පත්ව ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Share.

Comments are closed.