අති පූජනීය ස්ථානයක් වන බෙත්ලෙහෙම් නගරයේ නත්තල් සැමරුම් සෑම වසරකම පැවැත්වූවත් මෙවර එහි නත්තල් සැමරුම් පැවැත්වීමක් සිදු නොවනු ඇතැයි වාර්තා වේ.
බෙත්ලෙහෙම අයත් වන්නේ පලස්තීන පාලනයට නතු බටහිර ඉවුරේය. මෙවර නත්තල් සැමරුම් නොපැවැත්වෙන්නේ ඊශ්‍රායල හමුදා සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතරේ පවතින දරුණු ගැටුම් හේතුවෙනි.

සාම්ප්‍රදායිකව බෙත්ලෙහෙම් නගරයේ අති උත්කර්ෂවත් අන්දමින් නත්තල සැමරුම හා අදාල සියලු කටයුතු අත්හිටුවා තිබේ. මෑත ඉතිහාසයේ බෙත්ලෙහෙම් නගරය තුළ නත්තල් සැමරුම සිදු නොවන්නේ ප්‍රථම වරට යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Share.

Comments are closed.