2004 දෙසැම්බර් 26 වැනි දින ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපකට බලපෑම් එල්ල කළ සුනාමි ව්‍යසනයට අද දිනට (26) වසර 19ක් සපිරේ.
මීට වසර 19කට පෙර, 2004 දෙසැම්බර් 26 වැනි දින  නත්තල් සතුට භුක්ති විඳිමින් සිටි දකුණු හා උතුරු නැගෙනහිර වෙරළ බඩ ජනතාව සිය කාර්යයන් වල නිරත වූහ. උඳුවප් පුර පසළොස්වක පොහොය මෙදිනට යෙදී තිබුනි.

මේ අතර ඉන්දීය හා ශාන්තිකර සාගරවලට මැදිව පිහිටි ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්න මුහුදු පතුලේ දරුණු භූ කම්පනයක් සිදුවිය. මෙරට වේලාවෙන් උදෑසන 6.58 ට සිදුවූ භූ කම්පනයේ අප කේන්ද්‍රයෙන් නැගුන උදම් රළ පළමුවෙන්ම ඉන්දුනීසියාවට කඩා වැදුණි.

ඉන් පසුව ගතවූ පැය කිහිපය තුළ උදම් රළ පහර පැයට කිලෝමීටර් 800 ක වේගයකින් ශ්‍රී ලංකා වෙරළ තීරය ආක්‍රමණය කලේය. ශ්‍රී ලාංකික ජීවිත 40,000කට අධික සංඛ්‍යාවක් මෙම ව්‍යසනයෙන් රටට අහිමි විය. ඒ අතර ලොව බිහිසුණුම දුම්රිය අනතුර හික්කඩුව, පැරෑලිය ප්‍රදේශයෙන් වාර්තා විණි.

එසේ අනතුරට පත් වූයේ මගීන් 1500 ක් පමණ රැගෙන උදෑසන 6.40 ට මරදානේ සිට මාතර දක්වා ධාවනය වූ අංක 50 දුම්රියයි. සුනාමි රළ පහර ශ්‍රී ලංකාව මෙන්ම ආසියාතික රටවල් කිහිපයකම ලක්ෂ 3 කට අධික වටිනා ජීවිත අහිමි කලේය.

Share.

Comments are closed.