එක්සත් ජාතීන්ගේ සහන සේවා ඒජන්සියේ පලස්තීන සරණාගතයන් පිළිබඳ ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 142දෙනකු ගාසා තීරයේ ඊශ්‍රායල් ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන් වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ ඔවුන්ගේ පවුල්පිටින් බව සහන සේවා ඒජන්සියේ පලස්තීන සරණාගත ඒජන්සිය වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

දැඩි අවදානම් තත්ත්වයක් මත වුවද ගාසා තීරයේ අවතැන් වූ පලස්තීන ජනතාව වෙනුවෙන් තම කාර්ය මණ්ඩලය සේවයේ නිරත වන බව සඳහන් කරමින් එම ඒජන්සිය ප්‍රකාශ කර ඇත්තේ තම සංවිධානය පනස්දහසකට අධික ගැබිනි මවුවරුන්ට පහසුකම් සැපයීමේ දැඩි අරගලයක නිරතව සිටින බවය. මේ ගැබිනි මවුවරුන්ගෙන් 180 දෙනකු පමණ දෛනිකව දරුවන් ප්‍රසූත කරන බවත්, ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම දුෂ්කර වී ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන් විය.

Share.

Comments are closed.