එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාරිභෝගිකයින්ට හානික​ර වියහැකි හැකි කිසිදු වගන්තියක්, සැපයුම්කරුවන්​ගේ ගිවිසුම්වල ඇතුළත් කිරීම නව නීතිය මගින් ත​හනම් කො​ට ඇති අතර ඔක්තෝම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වූ නව පාරිභෝගික ආරක්ෂණ නීති​යේ විධිවිධාන අනුව, පාරිභෝගිකයින්ට, භාණ්ඩ හෝ සේවා භාවිතා කිරීමෙන් සිදුවන ඕනෑම මානසික අපහසුතාවයක් හෝ ද්‍රව්‍යමය හානියක් සඳහා වන්දි ඉල්ලා සිටිය හැක.

නව පාරිභෝගික ආරක්ෂණ නීතිය උල්ලංඝණය කරන පුද්ගලයින්ට ඩිරාම් මිලියන දෙක​ක දඩ මුදලක් සහ වසර 2ක සිරදඬුවමක් නියම වේ. නීති විශාරදයින් පවසන පරිදි, නව පාරිභෝගික ආරක්ෂණ නීතිය පැරණි නීතියෙහි තිබූ අඩුපාඩු සහ ගැටළු කිහිපයක් ආමන්ත්‍රණය කොට ඇති බවයි.

2020 නොවැම්බරයේ ප්‍රකාශයට පත් කරන ලද පාරිභෝගික ආරක්ෂණය පිළිබඳ 2020 අංක 15 දරන ෆෙඩරල් නීතිය, 2023 ඔක්තෝබර් 14 දින සිට බලපැවැත්වෙන තෙක් දීර්ඝ කාලයක් පුරා බලා සිටි විධායක රෙගුලාසි මගින් පරිපූරණය කර ඇත.

ගලධාරි අධිනීතිඥයින් සහ නීති උපදේශකවරුන්ගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ හසන් තවකල්නා සහ නීතිඥ ඉස්මයිල් එසාට් පැවසුවේ සැපයුම්කරු ඔවුන්ගේ වගකීම්වලින් නිදහස් කිරීම අරමුණු කරගත් කොන්ත්‍රාත්තුවක්, ඉන්වොයිසියක හෝ ඒ හා සමාන ලේඛනයක සොයාගත් ඕනෑම කොන්දේසියක් නව නීතිය යට​තේ වලංගු නොවන බවයි.

දඬුවම් ස්වාධීනව හෝ සමගාමීව පැනවිය හැකි අතර, නැවත නැවතත් උල්ලංඝනය කිරීම්වලදී ඒවා දෙගුණ කිරීමේ හැකියාව ඇත.

නව නීතිය මගින්, පාරිභෝගිකයින්​ගේ අයිතිවාසිකම් ​ආරක්ෂා කිරීමට, සැපයුම්කරුවන් විසින් පළිපැදිය යුතු මූලික අවශ්‍යතා කීපයක් ගෙනහැර දක්වයි.

  • සැපයුම්කරුවන් සහ වෙළ​ඳ නියෝජිතයින් අදාළ සියලු තොරතුරු නිවැරදිව හෙළි කළ යුතු අතර ප්‍රදර්ශනය අතරතුර භාණ්ඩවල මිල පැහැදිලිව සඳහන් කළ යුතුය.
  • භාණ්ඩ ප්‍රචාරණය නොමඟ යවන සුළු නොවිය යුතු අතර, මි​ළ සහ මි​ළදී ගත් දිනය සඳහන් කරන ඉන්වොයිසියක් පාරිභෝගිකයින්ට සැපයිය යුතුය.
  • සැපයුම්කරුවන් භාණ්ඩ සඳහා වගකීම්වලට ගරු කළ යුතුය, අමතර කොටස් සහ නඩත්තු සේවා සැපයිය යුතුය, දෝෂ සහිත භාණ්ඩ ප්‍රතිස්ථාපනය කළ යුතුය, නැතහොත් ඒවායේ වටිනාකම මුදලින් ආපසු ගෙවිය යුතුය.
  • පාරිභෝගිකයින්ට හානියක් විය හැකි නිෂ්පාදනවල අඩුපාඩු, දෝෂ හෝ උපද්‍රව සැපයුම්කරු හඳුනා ගන්නේ නම්, ඔවුන් වහාම අදාළ අධිකාරියට දැනුම් දී භාණ්ඩ වෙළඳපොළෙන් ඉවත් කළ යුතුය.
  • නිෂ්පාදන භාණ්ඩය​ක හෝ සේවාවන්හි දෝෂ ඇති අවස්ථාවක, සැපයුම්කරු විසින් අලුත්වැඩියා කිරීම, ප්‍රතිස්ථාපනය කිරීම හෝ ආපසු ගෙවීමක් ඉදිරිපත් කළ යුතුය.
  • අළුත්වැඩියා කිරීම, නඩත්තු කිරීම හෝ මිලදී ගැනීමෙන් පසු ආධාර සම්බන්ධ විධිවිධාන කොන්ත්‍රාත් ගිවිසුම්වල ඇතුළත් කළ යුතුය.

පෙර නීතිය​ට ඇතුලත් නොවූ නමුත් නව නීතිය මගින් ආමන්ත්‍රණය කෙරෙ​න අංශයන් වන්නේ:

  • මි​ළ කෙරෙහි බලපෑම් ඇති කිරීම සඳහා සැපයුම්කරුවන්​ගේ භාණ්ඩ සඟවා තැබීම, විකුණුම් ප්‍රතික්ෂේප කිරීම හෝ සේවා ප්‍රතික්ෂේප කරමින් පවත්වාගෙන යන ඒකාධිකාරය පිළිබඳ ගැටලු මෙන්ම ඒ සඳහා පැණවෙන දඩ ලෙස ඩිරාම් 3,000 සිට ඩිරාම් 200,000 දක්වා දඩ මුදල් වැනි දඬුවම් නව නීතිය මගින් ගෙනහැර දක්වයි.
  • ඊ-වාණිජ්‍යය නව නීතියට ඇතුළත් කර ඇත – නව නීතිය, ඊ-වාණිජ්‍යය පිළිබඳ සවිස්තරාත්මක අවබෝධයක් ලබා දෙයි, මෙම අංශයේ ක්‍රියාත්මක වීමට අවසර දී ඇති පුද්ගලයන් සහ ආයතන පැහැදිලිව නිර්වචනය කරයි.
  • සැපයුම්කරුවන් සහ පාරිභෝගිකයින් අතර ඇති වන ආරවුල් නව නීතියේ 23 වැනි වගන්තියේ විශේෂයෙන් සඳහන් වන්නේ මහජන අවශ්‍යතා හෝ සැපයුම්කරුවන් සහ පාරිභෝගිකයින් අතර ආරවුල් ඇති වූ විට, රසායනාගාර හෝ පරීක්ෂණ පහසුකම් මගින් පරීක්ෂා කිරීමට භාණ්ඩ හෝ සේවා ඉල්ලීමට අමාත්‍යාංශයට හෝ නිසි බලධාරියාට බලය ඇති බවයි.
  • භාණ්ඩ නුසුදුසු යැයි සලකනු ලැබුවහොත්, ඒ පළිබඳව කෙරෙන විභාග පිරිවැය සඳහා සැපයුම්කරු වගකිව යුතුය.
  • පාරිභෝගිකයින්ට හානිකර හෝ අවදානමක් ඇති බව පෙනී ගියහොත්, භාණ්ඩ ආනයනය කිරීම, පරිපාලනමය වශයෙන් රඳවා තබා ගැනීම හෝ වෙළඳපොළෙන් ඉවත් කිරීම, තහනම් කිරීමේ තීරණයක් නිකුත් කිරීමට අමාත්‍යවරයාට හෝ ඔවුන්ගේ නියෝජිතයාට බලය ලබා දී ඇත.

“පාරිභෝගිකයා ආරක්ෂා කරන නීති රෙගුලාසි බොහොමයක් පැරණි නීතියේ දක්වා නැත, නමුත් යාවත්කාලීන කරන ලද නීති මගින් ඒවා ඇතුළත් කර ඇත, වංචාකාරී ක්‍රියාකාරකම් වලින් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට ඇති කැපවීම ඔවුන්ගේ මිලදී ගැනීමට බාධාවක් වන හෝ වෙනත් ආකාරයේ හානියක් සිදු කරයි. මෙම මුලපිරීම පාරිභෝගික වෙළඳපොළට විය හැකි හානිය වැළැක්වීමේ අරමුණයි,” හසන් තවකල්නා සහ ඉස්මයිල් එසාට් පැවසීය.

Share.

Comments are closed.