ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා එකවර පිටත්ව ගිය වැඩිම පිරිස වූ 211 දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමක් පසුගිය 27 වෙනිදා රාත්‍රියේ IZ 640 දරණ විශේෂ ගුවන් යානයක් මගින් ඊශ්‍රායලය බලා පිටත්ව ගියා.

ඊශ්‍රායලය බලා පිටත්ව යන මෙම පිරිස දැනුවත් කිරිම සඳහා විශේෂ වැඩසටහනක් එදි​න පෙරවරුවේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුවා. ඊට Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඊශ්‍රායලය බලා පිටත්ව යන පිරිසට සුබපැතුම්ද එක් කළා.

මෙම රැකියාවෙන් උපයා ගන්නා මුදල් මගින් තම පවුලේ ආර්ථිකය ඉහළ නැංවීම පියවර ගන්නා අතරතුරේදී නීත්‍යානුකූලව බැංකු පද්ධතිය හරහා මුදල් එවීම මගින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වන ලෙසද අමාත්‍යවරයා රැකියා ලාභීන්ගෙන් ඉල්ලා සිටියා.

එසේම ඔවුන් ඊශ්‍රායලයේදී, ලංකාවේ නිල නොලත් තානාපතිවරුන් වන බැවින් සෑම විටම රටේ කීර්තිනාමය හා ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Share.

Comments are closed.