මේ වසරේදී ලෝක ජනගහනය මිලියන 75කින් ඉහළ ගොස් ඇතැයි අමෙරිකාවේ සංගණන කාර්යාංශය විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවකින් හෙළි වී තිබේ. එය නව වසරේදී බිලියන 8 සීමාව පසු කරනු ඇතැයි ද, වසර ආරම්භයේ ලොව පුරා සෑම තත්ත්පරයකටම උපත් 4.3ක් ද මරණ දෙකක් ද අපේක්ෂා කළ හැකි බවත් එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ. මේ වසරේදි අමෙරිකාවේ ජනගහනය මිලියන 1.7කින් ඉහළ ගොස් ඇතැයි ද, ලබන වසර වන විට අමෙරිකාවේ ජනගහනය මිලියන 335.8 සීමාවට ආසන්න වනු ඇතැයි ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Share.

Comments are closed.