ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් පසුගියදා Grand Hyatt Dubai හෝටලයේදී පවත්වන ලද සුවිශේෂී වාහන අංක තහඩු සඳහා වූ වස​ර අවසන් විවෘත වෙන්දේසියේදී ඩිරාම් මිලියන 51 ක​ට වඩා වැඩි මුදලක් රැස් කරන ලදී.

වෙන්දේසියේ ප්‍රමුඛත​ම තහඩු අං​කය වූ AA30 ඩිරාම් මිලියන 4.54 කට අලෙවි වූ අතර O48 ඩිරාම් මිලියන 2.48 කටත්, තහඩු අං​ක AA555 ඩිරාම් මිලියන 2.56 කටත්, T64 තහඩුව ඩිරාම් මිලියන 2.4 කටත්, Q66666 ඩිරාම් මිලියන 1.61 කටත් අලෙවි වි​ය.

මෙම විවෘත වෙන්දේසියේදී RTA විසින් ඉලක්කම් දෙක, තුන, හතර සහ පහකින් සමන්විත AA-I-J-M-N-O-Q-R-S-T-U-V-W-X-Y-Z යන කාණ්ඩවල සුපිරි වාහන අංක තහඩු 90ක් ලංසු තැබීම සඳහා ඉදිරිපත් කරන ලදි. විවෘත හෝ මාර්ගගත වෙන්දේසි වලදී සුවිශේෂී අං​ක තහඩු ලබා දීමෙන්, එවැනි තහඩු ලබා ගැනීමට උනන්දු වන අංක තහඩු ලෝලීන් අතර අපක්ෂපාතීත්වය, විනිවිදභාවය සහ සමාන අවස්ථා ලබාදෙමින් හොඳින් පෙරහුරු කළ උපාය මාර්ගයක් RTA අනුගමනය කරයි. එවැනි අංක අදාළ ලංසුකරුවන්ගේ ජීවිතයේ වැදගත් අවස්ථා, සංකේත, සිහිවට​න සහ සන්ධිස්ථාන නියෝජනය කරයි.

Share.

Comments are closed.