එමීර් රාජ්‍යයේ  බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් 44 කට සමාව ලබා දී ඇත්තේ පසුගියදා පැවති එරට ජාතික දිනය නිමිත්තෙනි. එරට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිල වශයෙන් අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මේ පිලිබද  දැනුම් දී තිබේ.

ශ්‍රී ලාංකිකයන් 44 දෙනකුට සමාව ලබා දීම තුලින් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්වි පාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් වනු ඇතැයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවැසුවේය. එමීර් රාජ්‍යය එම ශ්‍රී ලාංකිකයන් 44 දෙනා ආරක්ෂිතව මෙරටට එවීමට ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කලේය. ඔවුන් ආරක්ෂිතව මෙරටට එවීම සහතික කිරීම සඳහා අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය , එමීර් රාජ්‍ය බලධාරීන් සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ සහයෝගයෙන් සම්බන්ධීකරණ කටයුතු කරයි.

Share.

Comments are closed.