අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ, රුපියල් 20 කින් ය. එහි නව මිල රුපියල් 366 කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 38 කින් ඉහළ දැමීමත් සමග එහි මිල රුපියල් 464 දක්වා ඉහළ ගියේ ය. ලීටරයක් රුපියල් 29 කින් ඉහළ දැමීමත් සමග ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 358 ක් විය.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 41 කින් ඉහළ ගියේ ය. එහි නව මිල, රුපියල් 475 කි. භූමිතෙල් මිල රුපියල් 11 කින් පහළ දැමීමත් සමග එහි නව මිල සටහන් වන්නේ, රුපියල් 236 ක් ලෙසයි. 

Share.

Comments are closed.