දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග සාකච්ඡා කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ දී සඳහන් කලේය.
දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කරමින් මන්නාරමේ සිට ඉන්දියාව දක්වා මෙම ගොඩබිම් සබඳතාවය ඇති කිරීම ගැන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වූ බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

රටක් ලෙස කලාපීය සහයෝගීතාවය වැදගත් බව සඳහන් කරමින් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ යාපනය විශ්වවිද්‍යාල සිසුන් සමඟ යාපනය ජෙට්වින්ග් හෝටලයේ පැවති හමුවක් අමතමිනි.

Share.

Comments are closed.