ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අණ පරිදි රතු මුහුද සහ අවට කලාපය වෙත ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා පිටත් කිරීමට සූදානම් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ගයාන් වික්‍රමසූරිය මහතා ප්‍රකාශ කළේ ය.

හූතී සටන්කාමීන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට පහර දෙන ආකාරය

ඒ අනුව එම නෞකා යේමනයේ හූතී කැරලිකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක අමෙරිකානු නායකත්වයෙන් යුත් ප්‍රොස්පරිටි ගාඩියන් මෙහෙයුමට එක් කිරීමට නියමිත බව ඔහු සඳහන් කලේය. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ගයාන් වික්‍රමසූරිය මහතා ප්‍රකාශ කළේ තවමත් නෞකාවක් පිටත්කර හැරිය යුතු දිනයක් දැනුම්දී නොමැති බවයි.

රතු මුහුද ආශ්‍රිත ආරාබි මුහුද ගල්ෆ් මුහුද ඇතුළු කලාපයම පොස්පරටි ගාඩියන් මෙහෙයුමෙන් ආවරණය වන බව  නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ගයාන් වික්‍රමසූරිය මහතා ප්‍රකාශ කළේ ය.

යේමනයේ හූතී සටන්කාමීන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ නාවික හමුදාවෙන් නෞකාවක් රතු මුහුදට පිටත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ පසුගියදා කොළඹදී පැවති ශිල්ප අභිමානී ජාතික හස්ත කර්මාන්ත සම්මාන උළෙල අමතමිනි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකාවක්
Share.

Comments are closed.