ශ්‍රී ලංකාව හා බ්‍රිතාන්‍ය රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය අද (10) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කොට වසර 75ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධාන කරන සැමරුම් උත්සවයට සහභාගි වීම සඳහා රාජකීය ඈන් කුමරිය මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව කුමරිය මෙරටට පැමිණෙන අතර ඇය එළඹෙන 13 වැනිදා දක්වා මෙරට රැඳී සිටින බව ද මෙරට රැඳී සිටින කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහත්වරුන් හමුවීමට නියමිතව තිබෙන බව සඳහන්වේ. විදේශ කටයුතු අමාත්‍යාංශය එම සාකච්ඡාවලදී දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා පිලිබද  වැඩි අවධානයක් යොමු කරන බව ද කියා සිටී.

ඈන් කුමරිය සමඟ ඇගේ ස්වාමිපුරුෂයා වන වයිස් අද්මිරාල් ටිම් ලෝරන්ස් කුමරු ද මෙරටට පැමිණෙන අතර බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ එකම සොයුරිය වන ඈන් කුමරිය මීට වසර 30කට පෙර 1995 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

Share.

Comments are closed.