ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ස්වීට්සර්ලන්තයේ ඩාවෝස් නුවර බලා හෙට (13) පිටත්ව යන බව වාර්තා වේ. ලෝක ආර්ථික සමුළුව අතරතුර ජනාධිපතිවරයා ලෝක නායකයන් සහ ජාත්‍යන්තර ආයෝජකයන්ද හමුවීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව දුර්වල ආර්ථික මට්ටමක සිර වී සිටි හෙයින් පසුගිය වසරේ ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට ශ්‍රී ලංකාවට නොහැකි විය. මෙවර ආර්ථික සමුළුවේදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ආයෝජකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව පවතී.

ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ලබන 18 වැනිදා උගන්ඩාව බලා පිටත්ව යාමට නියමිතව බවද සඳහන් වේ. 
ලබන 24 වැනිදා ජනාධිපතිවරයා නැවත දිවයිනට පැමිණෙයි.

Share.

Comments are closed.